ඒ කාරණය මටත් හොඳව පෙනුණේය. මම ගෝත්‍රයකට එක්කෙනෙකු බැගින් නුඹලාගෙන් මිනිසුන් දොළොස්දෙනෙකු ගතිමි.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්:
දේශය බලන පිණිස මා විසින් නුඹලාගේ පියවරුන් කාදෙෂ්-බර්නේයේ සිට යැවූ කල ඔව්හුද එසේ කළෝය.
නුඹලා සියල්ලෝද මා ළඟට අවුත්: අප උදෙසා දේශය සෝදිසිකරන පිණිසත් අප විසින් යා යුතු මාර්ගයද පැමිණිය යුතු නුවරවල්ද ගැන හැරී ඇවිත් අපට දන්වන පිණිසත් අපට පෙරටුව මනුෂ්‍යයන් යවමුයයි කීවහුය.
ඔව්හු පිටත්වී කන්දට නැගී එෂ්කොල් මිටියාවත දක්වා ගොස් ඒක සෝදිසිකළෝය.