මමද නුඹලාට කථාකොට: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දෙන අමෝරිවරුන්ගේ කඳුකරයට නුඹලා අවුත් සිටින්නහුය.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකළ ලෙස අපි හොරේබ්හි සිට ගමන් ගෙන අමෝරිවරුන්ගේ කඳුකරයට යන මාර්ගයෙන් නුඹලා දුටු ඒ මහත්වූ භයංකරවූ මුළු කාන්තාරය මැදින් ගොස් කාදෙෂ්-බර්නේයට පැමිණියෙමු.
බලව, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දේශය නුඹ ඉදිරිපිට තබා තිබේ. නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දේශය නුඹ ඉදිරිපිට තබා තිබේ. නුබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට කීලෙස නැගීගොස් හිමිකරගන්න; භයනොවන්න, නොකැලඹෙන්නැයි කීයෙමි.