උන් මාගේ මිදිවැල පාළුකොට, මාගේ අත්තික්කා ගහ කඩාදමා, එහි පොතු ගළවා හෙළාදැමුවෝය; එහි අතුද සුදුවී තිබේ.
ඔවුන්ගේ මිදිවැල් සහ අත්තික්කා ගස්වලට පහරදී, ඔවුන්ගේ සීමා තුළ ගස් බින්දසේක.
පළඟැටියෝ මිසර දේශය මුළුල්ලෙහි ගොස් මිසරයේ සියලු සීමාවල නැවතී සිටියෝය; උන් ඉතා භයානක වූය; ඊට පළමුවෙන් එබඳු පළඟැටියෝ නොවූහ, ඊට පසුවත් නොවන්නාහ.
මක්නිසාද දේශය අඳුරුවෙන තරම් උන් මුළු පොළෝතලය වසාගෙන දේශයේ සියලු පලා ජාතිද ගල් වර්ෂාවෙන් ඉතිරි වූ ගස්වල සියලු ගෙඩිද කෑවෝය. මිසර දේශය මුළුල්ලෙහි කෙතේ ගසක්වත් පලා ජාතියක්වත් කිසි අමු දෙයක්වත් ඉතිරි නොවීය.
අලුත් මිදියුස වැලපේ, මිදිවැල මැලවේ, සන්තෝෂ සිත් ඇතුව සිටි සියල්ලෝ සුසුම්ලති.
ඔව්හු ප්‍රසන්න කෙත් ගැනත් සාරවත් මිදිවැල් ගැනත් ළයට ගසාගන්නෝය.
මම ඒක පාළුවට අරින්නෙමි; එහි අතු පාහිනු ලබන්නේවත් එය කොටනු ලබන්නේවත් නැත. නුමුත් කටු ගස් සහ ගොකටු එහි හටගන්නවා ඇත. එහි වැසි නොවසින හැටියට වලාකුල්වලට අණකරන්නෙමි.
මම සහමුලින්ම ඔවුන් විනාශකරන්නෙමි; මිදි වැළේ වලු නැත, අත්තික්කා ගහේ ඵල නැත, එහි කොළද වියළීයන්නේය; මමද ඔවුන් පාගාදමන අය ඔවුන් ගැන නියමකෙළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
මේවා මාගේ ප්‍රේමවන්තයන් මට දුන් පණයම්යයි ඈ කියන්නාවූ ඇගේ මිදිවැල් සහ අත්තික්කා ගස් මම නාස්තිකර කැලෑවක් කරන්නෙමි, වන මෘගයෝ ඒවා කන්නෝය.
මිදිවැල වියළී, අත්තික්කා ගස මැලවී, දෙළුම් ගසද තල් ගසද ජම්බු ගසද යනාදිවූ කෙතේ සියලුම ගස් වියළී තිබේ. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයන්ගෙන් ප්‍රීතිය පහවගියේය.
මම ගොයම් වියළවීමෙන්ද ගොයම් රෝගයෙන්ද නුඹලාට පහරදුනිමි. නුඹලාගේ බොහෝවූ වතුද මිදිවතුද නුඹලාගේ අත්තික්කා ගස්ද ඔලීව ගස්ද පළඟැටි පණුවෝ කෑවෝය. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මක්නිසාද අත්තික්කා ගස දළු නොලෑවත්, මුද්‍රිකවැල්වල පලදාවක් නොතිබුණත්; ඔලීව ගසේ ඵල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්; ගාලෙන් එළු බැටළු රැළ සිඳදමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්;
නුඹලාගේ භූමියේ ඵල නාස්ති නොකරන ලෙස, ඒවා කාදමන්නාට නුඹලා උදෙසා තර්ජනකරන්නෙමි; කෙතේ නුඹලාගේ මිදිවැලත් අකාලයේ එහි ඵල නොහෙළන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.