අපේ ඇස් ඉදිරියෙහිම කෑමත් අපේ දෙවියන්වහන්සේගේ ගෘහයෙන් ප්‍රීති සන්තෝෂයත් පහවගියා නොවේද?
උන්වහන්සේගේ ශුද්ධවූ නාමය ගැන පාරට්ටුකරගනිව්. ස්වාමීන් සොයන්නන්ගේ සිත ප්‍රීතිමත්වේවා.
එවිට මම දෙවියන්වහන්සේගේ පූජාසනය ළඟට, එනම් මාගේ අධික ප්‍රීතියවූ දෙවියන්වහන්සේ වෙතට, යන්නෙමි. දෙවියන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, වීණාවෙන් ඔබට ප්‍රශංසාකරන්නෙමි.
ඔබ බින්දාවූ ඇටවලට සැප ලැබෙන පිණිස ප්‍රීති සන්තෝෂය මට ඇසෙන්ට සැලැස්සුව මැනව.
ඔහු ඒ දවසේදී ශබ්දනගා: මම සුවකරන්නෙක් නොවන්නෙමි; මක්නිසාද මාගේ ගෙයි කෑමවත් සළුවක්වත් නැත. මා සෙනඟගේ ආණ්ඩුකාරයා නොකරන්නැයි කියන්නේය.
පූජකයෙනි, ගෝණිරෙදි ඔතාගන විලාප කියන්න; පූජාසනයේ සේවකයෙනි, කෑමොරගසන්න; මාගේ දෙවියන්වහන්සේගේ සේවකයෙනි, ඇවිත් ගෝණිරෙදි පෙරවාගන මුළු රාත්‍රියෙහි වැතිර ඉඳින්න. මක්නිසාද ආහාර පූජාවද පාන පූජාවද නුඹලාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට නොපැමිණෙන්නේය.