Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෝබ් 9:14

Sinhala Revised Old Version

එසේවී නම් මම උන්වහන්සේට උත්තර දෙමින්, උන්වහන්සේ සමඟ විවාදකරන්ට මාගේ වචන තෝරාගන්නේ කොහොමද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම පොළොවෙහි වසන්ට සතුටුවනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබවහන්සේට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊට වඩා කොපමණ මදිද?

එවිට උන්වහන්සේ ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළට තබන්නෙමි, මාගේ මුඛයද තර්කවලින් පුරවන්නෙමි.

එහිදී ධර්මිෂ්ඨ අයට උන්වහන්සේ සමඟ කාරණා කියා සිටින්ට පුළුවන; මෙසේ මාගේ විනිශ්චයකාරයාණන්ගෙන් සදාකාලයටම මිදෙන්ට මට පුළුවන්වන්නේය.

පණුවෙක් වැනිවූ මනුෂ්‍යයාත් පණුවෙක් වැනිවූ මනුෂ්‍ය පුත්‍රයාත් ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේදැයි කීවේය.

නුඹට පුළුවන්නම් මට උත්තරදෙන්න; මට විරුද්ධව සැරසී නැගිට සිටින්න.

අප විසින් උන්වහන්සේට කිය යුතුදේ නුඹ අපට දන්වන්න. අන්ධකාරය නිසා අපේ කථාව පිළියෙළකරන්ට අපට බැරිය.

ධූලියෙහි අත්තිවාරම ඇති, මැටි ගෙවල වාසයකරන්නන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද! කාවෙකු මෙන් ඔව්හු පොඩිකරනු ලබති.

උන්වහන්සේ ඔහු සමඟ විවාද කරන්ට කැමතිවුණොත්, උන්වහන්සේට දහසකින් එකකටවත් උත්තරදෙන්ට ඔහුට බැරිය.

මක්නිසාද මා විසින් උන්වහන්සේට උත්තරදෙන්ටත්, මා උන්වහන්සේ සමඟ විනිශ්චයට පැමිණෙන්ටත් පුළුවන්වන ලෙස, උන්වහන්සේ මා වාගේ මනුෂ්‍යයෙක් නොවේය,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්