මාගේ ඇඳ මා සනසන්නේය කියාත් මාගේ යහන මාගේ ශෝකය සහනය කරන්නේය කියාත් මා කියන කල,
මට පහසුවක් නැත, මට නිශ්චලතාවක් නැත, නිවාඩුවක් නැත; එහෙත් දුක පැමිණේයයි කීවේය.
ඔබ ස්වප්නවලින් මා භය ගන්වනසේක, දර්ශනවලින්ද මා ත්‍රස්තකරනසේක.
මාගේ සුසුම්ලීමෙන් වෙහෙසව සිටිමි; රැයක් පාසා මාගේ යහන උල්පවමි; මාගේ කඳුළෙන් මාගේ ඇඳ තෙමමි.
ඔබ මාගේ ඇස්වලින් නින්ද වලක්වනසේක. කථාකරන්ට බැරි තරම් කැලඹී සිටිමි.