රස නැති දේ ලුණු නැතුව කනවාද? නොහොත් බිත්තර සුදු මදයේ රසක් ඇද්ද?
උඩුතල්ල කෑම රසබලන්නාක්මෙන්, කන වනාහි වචන විමසනවා නොවේද?
එබඳු බොහෝ දේ මා විසින් අසා තිබේ. නුඹලා සියල්ලෝම දුක්දෙන සැනසිලිකාරයෝය.
මක්නිසාද උඩුතල්ල කෑම රස බලන්නාක්මෙන් කනද වචන විමසන්නේය.
අවංකකමේ වචන කොපමණ බලවත්ද! නුමුත් නුඹලාගේ අවවදයෙන් තරවටුකරන්නේ කුමක් ගැනද?
මාගේ දිවෙහි අයුක්තියක් තිබේද? මාගේ රසේන්ද්‍රියයට නපුරු දේ දැනගන්ට බැරිද?
තණකොළ තිබෙන විට වල් කොටළුවා රාවය දෙයිද? පිදුරු ළඟ තිබෙද්දී ගොනා තප්පුලයිද?
මාගේ ආත්මය ඒවාට අතගසන්ට අකැමැතිය; ඒවා මට පිළිකුල් ආහාර මෙන්ය.
ඔබගේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද! එසේය, ඒවා මාගේ කටට මීපැණිවලට වඩා මිහිරිය.
නුඹේ සියලු ආහාර පූජා ලුණෙන් රසකරන්න; නුඹේ දෙවියන්වහන්සේගේ ගිවිසුමේ ලුණු නුඹේ ආහාර පූජාවට නොදමා නොහැරිය යුතුය. නුඹේ සියලු පූජාවල් සමඟ ලුණු ඔප්පුකළ යුතුය.
නුඹලා පොළොවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැතිවුණොත් ඒවා කුමකින් රසකරනු ලබන්නේද? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය.
නුමුත් ලුණෙහි පවා ලුණු ගතිය නැතිවුණොත්, ඒවා රසකරන්නේ කුමකින්ද?
නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.