මා බලාපොරොත්තුව සිටින පිණිස මාගේ ශක්තිය මොකක්ද? මා ඉවසිල්ලෙන් පසුවෙන පිණිස මාගේ අන්තිමය මොකක්ද?
මාගේ දවස් ස්වල්ප නොවේද? එබැවින් නැවතුණ මැනව; හැරී නේන ස්ථානයට,
හුළඟට ගසාගන යන කොළයකට ඔබ හිරිහැරකරනසේක්ද? වියළි ඉපනැල්ල පස්සෙන් එළවාගන යනසේක්ද?
ඔබ මාගේ පාද දඬුකඳේ දමා, මාගේ සියලුම මාවත් රැකසිටිනසේක; ඔබ මාගේ පතුල්වලට මායිම් තබනසේක.
මාගේ ආත්මය ක්ෂයවී මාගේ දවස් ගෙවී ගියේය, මට ඇත්තේ මිනීවළය.
මාගේ ගෙය කොට ෂෙයෝල ගැන බලා සිටිමි, අන්ධකාරයෙහි මාගේ යහන අතුළෙමි.
මාගේ පැමිණිල්ල කරන්නේ මනුෂ්‍යයාටද? මා ඉවසිලි නැතුව නොසිටින්ට කාරණය මොකද?
නුඹ ශක්තිය නැත්තාට උපකාරකළ හැටි! බලය නැති හස්තය මුදාදුන් හැටි!
මාගේ ශක්තිය ගල්වල ශක්තියද? නොහොත් මාගේ මාංසය පිත්තලද?
උන්වහන්සේ මාර්ගයේදී මාගේ ශක්තිය හීනකොට, මාගේ දවස් ලුහුඬුකළසේක,
ස්වාමිනි, මාගේ දිවි කෙළවරත් මාගේ දවස්වල ගණන කොපමණද කියාත් මට දැනගන්ට සැලැස්සුව මැනව; මම කොපමණ බෙලහීනයෙම්දැයි මට දැනේවා.
බැලුව මැනව, ඔබ මාගේ දවස් වියතක් මෙන් කළසේක; මාගේ වයස ඔබ ඉදිරියෙහි කිසිත් නැතුවාක්මෙනි. සැබවින් කොයි මනුෂ්‍යයාත් ස්වකීය උත්තම අවස්ථාවෙහි පවා සහමුලින්ම නිෂ්ඵලකමය.