Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෝබ් 42:15

Sinhala Revised Old Version

යෝබ්ගේ දූවරුන් මෙන් රුව ඇති ස්ත්‍රීහු ඒ මුළු දේශයෙහි නොසිටියාහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සහෝදරයන් අතරේ ඔවුන්ට උරුමයක් දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

ඔහු පළමුවෙනි තැනැත්තීට යෙමීමා යන නමද දෙවෙනි තැනැත්තීට කෙශීයා යන නමද තුන්වෙනි තැනැත්තීට කෙරෙන්-හප්පූක් යන නමද තැබීය.

ඉන්පසු යෝබ් එකසිය හතළිස් අවුරුද්දක් ආයු වළඳා, සතරවෙනි පරම්පරාව දක්වා තමාගේ පුත්‍රයන්ද පුත්‍රයන්ගේ පුත්‍රයන්ද දුටුවේය.

යම් කලෙක අපේ පුත්‍රයෝ තරුණ වයසේදී වැඩුණු පැළ මෙන් හා අපේ දූවරු මාලිගා කැටයම් ප්‍රකාර කැටයම් කළ කොනේ ගල් මෙන් වන්නෝද,

ශෙලෝඵෙහාද්ගේ දූවරුන් කියන දේ හරිය. නුඹ සැබවින් ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරේ ඔවුන්ට උරුමයක් දිය යුතුය; ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට හිමිවෙන්ට සලසන්න.

ඒ කාලයේදී මෝසෙස් උපන්නේය, ඔහු අතිශයින් ශෝභනව සිටියේය; ඔහු ස්වකීය පියාගේ ගෙයි තුන් මසක් පෝෂණයකරනු ලැබුවේය.

නුඹලා උදෙසා එක එක ගෝත්‍රයට මනුෂ්‍යයන් තුන් දෙනෙකු බැගින් පත්කරන්න. මම ඔවුන් යවන්නෙමි, ඔව්හු පිටත්ව දේශයෙහි ගමන්කොට තමුන්ගේ උරුමවලට සුදුසු ලෙස ඒක සටහන් කරගන මා වෙතට එන්නෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්