Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෝබ් 41:3

Sinhala Revised Old Version

ඌ නුඹට බොහෝ කන්නලව් කරනවා ඇද්ද? නොහොත් මෘදු වචන නුඹට කියනවා ඇද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

උගේ නාසයේ වැල්පටක් දමන්ටවත් උගේ හක්ක උලකින් සිදුරු කරන්ටවත් නුඹට පුළුවන්ද?

නුඹ හැම කලටම ඌ මෙහෙකරුවෙක් කොට ගන්න පිණිස ඌ නුඹ සමඟ ගිවිසුමක් කරනවා ඇද්ද?

පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද ස්වාමීන්ගේය.

ඔහුගේ කට වෙඬරු මෙන් සිනිදුව තිබුණේය, නුමුත් ඔහුගේ සිතෙහි යුද්ධය විය. ඔහුගේ වචන තෙලට වඩා මොළොක්ව තිබුණේය, එහෙත් ඒවා ඇදගත් කඩුය.

දැනුදු නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනඟ අතරෙන් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය.

මෘදු උත්තරයකින් කෝපය පහවෙයි; එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.

දිළින්දා බැගෑපත්ව කථාකරයි, එහෙත් වස්තුකාරයා රළු ලෙස උත්තරදෙයි.

ඉවසිලිවන්තකමෙන් ආණ්ඩුකාරයෙකු නමාගත හැක, මොළොක් දිවෙන් ඇට බිඳෙයි.

ඔව්හු දිවස් ඇත්තන්ට: නුඹලා දර්ශන නොදකින්නය කියාද, ප්‍රොපේතවරුන්ට: නුඹලා හරිවූ දිවස්වාක්‍ය අපට නොපවසා, මෘදු වචන කථාකොට, රැවටිලි වාක්‍ය අපට පවසන්නය කියාද:

රිදී මාගේය, රන්ද මාගේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්