ඉතින් පුරුෂයෙකු මෙන් නුඹේ ඉඟටිය බැඳගෙන, මා නුඹෙන් අසන විට මට කියන්න.
ස්වාමීන්වහන්සේගේ හස්තය එලියා කෙරෙහි පැමිණි නිසා, ඔහු තමාගේ කටිය බැඳගෙන ආහබ්ට පෙරටුව යෙස්‍රෙයෙල්ට ඇතුල්වෙන තැන දක්වා දිවුවේය.
උන්වහන්සේ මා මරනවා ඇත; මට බලාපොරොත්තුවක් නැත්තේය; එහෙත් උන්වහන්සේ ඉදිරිපිට මාගේ මාර්ග හරි බවට ඔප්පුදෙන්නෙමි.
එවිට ඔබ අඬගැසුවාම උත්තරදෙන්නෙමි; නොහොත් මට කථාකරන්ට ඉඩදී උත්තරදුන මැනව.
උත්තමයන් විනිශ්චයකරන්නාවූ දෙවියන්වහන්සේට දැනගැන්ම උගන්වන්ට යමෙකුට පුළුවන්ද?
පොරට සිටින්නා සර්වපරාක්‍රමයාණන්වහන්සේ සමඟ විවාදකරන්නේද? දෙවියන්වහන්සේ සමඟ විවාද කරන්නා ඊට උත්තරදෙවයි කීසේක.
ඉතින් පුරුෂයෙකු මෙන් නුඹේ ඉඟටිය බැඳගෙන, මා නුඹෙන් අසන අතර මට දන්වන්න.
අනේ ඇසුව මැනව, එවිට මම කථාකරන්නෙමි; මා ඔබගෙන් අසන කල්හි මට දැන්නුව මැනව.
නුඹලා ඒවා කෑ යුතු මෙසේය: නුඹලාගේ ඉඟටි බැඳ වහන් පය ලා සැරයටි අතින් ගෙන ඉක්මනින් කෑ යුතුය. ඒක ස්වාමීන්වහන්සේගේ පාස්කුවය.
ඈ සවිලෙස ඉඟටිය බැඳගෙන, ඇගේ අත් සවිකරගන්නීය.
ඒ නිසා නුඹ නුඹේ ඉඟටිය බැඳගෙන නැගිට සිට, මා නුඹට අණකරන සියල්ල ඔවුන්ට කියන්න. මා විසින් ඔවුන් ඉදිරියේදී නුඹ නොකලඹන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි නොකැලඹී සිටින්න.
ඉන්නිසා නුඹලාගේ සිත් නමැති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.