එළිය පොළොවේ කෙළවරට පැමිණීමෙන් දුෂ්ටයන් එතැනින් හෙළාදමනු ලබන හැටියට,
එළියට දවාලය කියාද අන්ධකාරයට රාත්‍රියය කියාද නම් තැබූසේක. සවස විය, උදය විය, ඒ එක දවසක්ය.
උපන්නාවූ පළමුවෙනි මනුෂ්‍යයා නුඹද? නොහොත් නුඹ හෙල්වලට පළමුවෙන් ඉපදුණාද?
ඔව්හු අන්ධකාරයේදී ගෙවල් උමංකණිති. දවාලෙහි සැඟවී ඉඳිති; ඔව්හු එළිය නොදනිති.
මෙතැන් දක්වා එන්නෙහිය, මින් එහා නොයන්නෙහිය; නුඹේ උඩඟු රැළ පතර මෙහි නවතින්නේයයි කීවෙමි.
නුඹේ සෑම දවස්වල නුඹ උදයට අණකොට අලුයමට ඒකේ ස්ථානය දැන්නෙවුවෙහිද?
නුඹ එවකට ඉපිද සිටිය බැවින්ද නුඹේ දවස් ගණනත් බොහෝ බැවින්ද නිසැකව නුඹ දන්නෙහිය!
මා පොළොව පිහිටෙවු කල නුඹ කොතැන සිටියෙහිද? නුඹ දන්නෙහි නම් කියන්න.
(මක්නිසාද අපි නම් ඊයේ දවසේ අයවල්ය, කිසිවක් නොදනිමුව, මක්නිසාද පොළොවෙහි අපේ දවස් සෙවණැල්ලක්ය.)
දිවාභාගය ඔබගේය, රාත්‍රියත් ඔබගේය. ඔබ ආලෝකයද සූර්යයාද පිළියෙළකළසේක.
උන්වහන්සේ නම් හත්දින්නද මුවසිරසද සෑදුවාවූ, මරණ සෙවණ උදයේ එළියට හරවන්නාවූ, දවාල රාත්‍රිය මෙන් අන්ධකාරකරන්නාවූ, මුහුදේ ජලයට අඬගසා ඒවා පොළෝ තලයෙහි වත්කරන්නාවූ, යෙහෝවා යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේය.
උන්වහන්සේට පෙරටුව යන්නෙහිය. ඒ දයාබරකමෙන් අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටින්නන්ට එළිය දෙන පිණිසත්,
ලියවිල්ලේ කිසි අනාගතවාක්‍යයක් යමෙකුගේ අභිප්‍රායෙන්ම හට නොගන්න බව පළමුකොට දැන,