මක්නිසාද උන්වහන්සේ හිමවලටත් එසේම වර්ෂාවටත් තමන් තද වර්ෂාවලටත් කථාකොට: පොළොවට බසිව්යයි කියනසේක.
නුමුත් සෙනඟ බොහෝය, මේක තද වර්ෂා කාලයක් නිසා අපට එළියේ සිටින්ටත් බැරිය, මේක දවසකවත් දෙදවසකවත් වැඩක් නොවේය. මක්නිසාද මේ කාරණය සම්බන්ධව අපි බොහෝසේ වරද කෙළෙමුව.
එවිට යූදාහිද බෙන්යමින්හිද සියලු මනුෂ්‍යයෝ තුන් දවස ඇතුළත යෙරුසලමට රැස්වූවෝය; ඒ දවස නවවෙනි මාසයේ විසිවෙනිදාය. මුළු සෙනඟ මේ කාරණය නිසාත් තද වර්ෂාව නිසාත් දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට එළිමහනේ වෙවුලමින් ඉඳගෙන උන්නෝය.
වර්ෂාවට නියෝගයක්ද ගර්ජනාවේ විදුලියට මාර්ගයක්ද සාදන්ටත් යෙදුණු විට,
උන්වහන්සේ දිය බින්දු ඉහළට ඇදගන්න කල උන්වහන්සේගේ මීදුමෙන් වැස්ස සෑදෙන්නේය.
කැලඹීමේ කාලයටද යුද්ධ හා සටනේ දවසටද මා විසින් ඉතුරුකර තබා තිබෙන
පහත්ව ඉන්නන් උසස්කරන්ටත්, ශෝකයෙන් ඉන්නන් සුරක්ෂිත කරන්ටත්,
ගිනි සහ ගල් වර්ෂාවෙනි, හිම සහ වාෂ්පයෙනි, උන්වහන්සේගේ ආඥාව ඉෂ්ටකරන මාරුතයෙනි,
දුප්පතුන්ට පීඩාකරන දිළිඳු මනුෂ්‍යයෙක් කෑම ඉතිරි නොවන ලෙස ගහගෙන යන වැස්සක් මෙන්ය.
ඒක වැටෙන්නේයයි පදම් නොකළ බදාම ගාන අයට කියන්න. ඉතා සැර වැස්සක් එන්නේය; එම්බා මහත් ගල් වර්ෂාවෙනි, නුඹලා වැටෙනවා ඇත; හුළං-කුණාටුවක් එය ඉරාදමන්නේය.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ කෝපයෙන් හුළං-කුණාටුවක් කරණකොටගෙන ඒක ඉරාදමන්නෙමි; ඒක විනාශකරන්ට මාගේ උදහස නිසා සැර වැස්සක්ද මාගේ කෝපය නිසා ගල් වර්ෂාද වන්නේය.
උන්වහන්සේ තමන්ගේ උඩුමහල් අහස පිට ගොඩනගා, තමන්ගේ අහස් කුහරය පොළොව පිට පිහිටුවා තිබෙන්නාවූ, මුහුදේ ජලයට අඬගසා ඒවා පොළෝතලයෙහි වත්කරන්නාවූ, යෙහෝවා යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේය.