උන්වහන්සේ ස්වකීය අත් විදුලියෙන් පුරවාගෙන, නියම ලකුණට වදින ලෙස ඊට අණකරනසේක.
උන්වහන්සේ තමන් වලාකුළ අතුරා, සිංහාසනය නොපෙනෙන ලෙස වසනසේක.
එසේය, උන්වහන්සේ දියෙන් වලා පටලය බරකරනසේක; ස්වකීය විදුලි-වලාකුළ විහිදුවනසේක.
දඬුවමක් වශයෙන් හෝ තමන්ගේ පොළොව උදෙසා හෝ කරුණාවක් වශයෙන් හෝ උන්වහන්සේ ඒවා පමුණුවන විට,
දෙවියන්වහන්සේ ඒවාට අණදී, තමන් වලාකුළේ විදුලිය බැබළෙන්ට සලස්වන්නේ කොහොමද කියා නුඹ දන්නෙහිද?
විද්‍යුල්ලතා නික්මයන ලෙස ඒවා යවන්ට නුඹට පුළුවන්ද? ඒවා: අපි මෙහියයි නුඹට කියනවා ඇද්ද?
උන්වහන්සේ පොළෝ කෙළවරින් වලාකුල් නංවනසේක; වර්ෂාවට විදුලි සාදනසේක; ස්වකීය ගබඩාවලින් හුළඟ නික්මවනසේක.
ගිනි සහ ගල් වර්ෂාවෙනි, හිම සහ වාෂ්පයෙනි, උන්වහන්සේගේ ආඥාව ඉෂ්ටකරන මාරුතයෙනි,
උන්වහන්සේ අන්ධකාරය තමන්ට ආවරණයක්ද, ජලධාරාවල අන්ධකාරය සහ ආකාශ ඝන වලාකුල් තමන් වටකොට මණ්ඩපයක්ද කරගත්සේක.
එවිට ස්වාමිනි, ඔබගේ තරවටුකිරීමෙන්ද ඔබගේ නාසා වාත වේගයෙන්ද ජල පාරවල් ප්‍රකාශවුණේය, ලෝකයේ අත්තිවාරම්ද ප්‍රකාශවිය.
බොහෝ දවස් ඉරවත් තාරකාවත් නොපෙනුණ බැවින්ද තද කුණාටුවක් පැවතුණු බැවින්ද අපේ ගැළවිල්ල ගැන තිබුණු සියලු බලාපොරොත්තු එතැන් පටන් නැතිවී ගියේය.