නුඹ පව්කළත් නුඹ උන්වහන්සේට විරුද්ධව කුමක් කරනවාද? නුඹේ වරද වැඩිවුණත් නුඹ එයින් උන්වහන්සේට කරන්නේ කුමක්ද?
මනුෂ්‍යයන්ගේ ආරක්ෂාකාර තැනන්වහන්ස, මා පව්කර තිබෙන නුමුත් ඔබට කුමක් කරම්ද? මා මටම බරක් වන ලෙස, ඔබ විසින් පහරදීමට ඉලක්කයක් කොට මා තබාගත්තේ මක්නිසාද?
නුමුත් මාගෙන් මුළාවයන්නා තමාගේම ප්‍රාණයට අනතුරුකරගන්නේය; මට වෛරවෙන සියල්ලෝම මරණයට ප්‍රේමවන්නෝය.
නුඹ ඥානවන්ත නම්, නුඹ ඥානවන්තවන්නේ නුඹ උදෙසාය. නුඹ නින්දාකරන්නෙහි නම්, නුඹම එය ඉවසන්නෙහිය.
ඔවුන් කෝපය උපදවන්නේ මටද? තමුන්ගේ මුහුණු ලජ්ජාවට පත්වන හැටියට තමුන්ටම නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.