Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෝබ් 34:4

Sinhala Revised Old Version

අපිම යුක්තිය සෝදිසිකර, යහපත කොයි එකද කියා අප අතරෙහි දැනගනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

මක්නිසාද උඩුතල්ල කෑම රස බලන්නාක්මෙන් කනද වචන විමසන්නේය.

දුෂ්ට මනුෂ්‍යයන් මෙන් යෝබ් උත්තරදෙන බැවින් ඔහු තීන්දුවටම සෝදිසිකරනු ලබන්නේනම් යෙහෙකි.

මක්නිසාද යෝබ් කථාකොට: මම ධර්මිෂ්ඨයෙමි, දෙවියන්වහන්සේ මාගේ යුක්තිය පහකළසේක.

පෙනීමේ හැටියට විනිශ්චය නොකරන්න, ධාර්මික විනිශ්චයෙන් විනිශ්චය කරන්නැයි කීසේක.

නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න.

සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න;

ඒ දුටු සියල්ලෝ: ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආ දවස පටන් අද දක්වා මෙබඳු දෙයක් සිද්ධවුණේවත් දකින්ට යෙදුණේවත් නැත. මේ ගැන හිතට ගෙන මන්ත්‍රණයකොට කථාකරන්නැයි කීවෝය.

ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා සියල්ලෝ මෙහි නුඹලාගේ කල්පනාවත් දැනමුතුකමත් කියාදෙන්නැයි කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්