ඉහළ සිටින දෙවියන්වහන්සේගෙන් ලැබෙන කොටසත් උසස් තැන්හි සිටින සර්වපරාක්‍රමයාණන්ගෙන් ලැබෙන උරුමයත් කිමෙක්ද?
දැන් පවා මාගේ සාක්ෂිය ස්වර්ගයෙහිය; මාගේ සාක්ෂිකාරයාද උසස්ථානයෙහි සිටියි.
දුෂ්ට මනුෂ්‍යයාට දෙවියන්වහන්සේ ගෙන් පැමිණෙන කොටසත් දෙවියන්වහන්සේ ඔහුට නියමකළ උරුමයත් මේයයි කීවේය.
දුෂ්ටයන්ගේ පහන නිවී, ඔවුන්ගේ විපත්තිය ඔවුන් පිටට පැමිණෙන්නෙත්, දෙවියන්වහන්සේ ස්වකීය කෝපයෙන් දුක් බෙදාදෙන්නෙත්,
අධිපතිකමද භයංකරකමද උන්වහන්සේ වෙත තිබේ; උන්වහන්සේ තමන් උස් තැන්වලදී සමාදානය සිදුකරනසේක.
දෙවියන්වහන්සේගෙන් දුෂ්ට මනුෂ්‍යයෙකුට ලැබෙන කොටසත් බලාත්කාරකාරයන්ට සර්වපරාක්‍රමයාණන්ගෙන් ලැබෙන උරුමයත් මේය.
නුමුත් ස්වාමීන්වහන්සේ අමුතු දෙයක් කළොත්, භූමිය ඇගේ මුඛය ඇර ඔවුන් සන්තක සියල්ල සමඟ ඔවුන් ගිලගත්තොත්, ඔවුන් පණපිටින් පාතාලයට ගියොත්, මේ මනුෂ්‍යයන් විසින් ස්වාමීන්වහන්සේ හෙළාදැක්ක බව නුඹලා දැනගන්නවා ඇතැයි කීවේය.
විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක.