කුඩා අයත් ලොකු අයත් එහි සිටිති; දාසයාද තම ස්වාමියාගෙන් නිදහස්ව සිටියි.
ඔව්හු එක්ව දූවිල්ලෙහි වැදහෙති, පණුවෝද ඔවුන් වසාගනිති.
මිටියාවතේ පිඩලි ඔහුට මිහිරිවන්නේය, සියලු මනුෂ්‍යයෝ ඔහුට පස්සෙනුත් ඔහුට පෙරටුවෙනුත් ගණනාවක් නැතුව පෙළ නොකැඩී යති.
හිරකාරයෝ එහි එක්ව පහසු විඳිති; විධාන දෙන්නාගේ හඬ ඔවුන්ට නොඇසෙයි.
උන්වහන්සේ දුඃඛිත අයට එළියත් ශෝක සිත් ඇත්තන්ට ජීවිතයත් දෙන්නේ මන්ද?
මක්නිසාද ඔබ මරණයටත් ජීවත්ව සිටින සියල්ලන්ට නියමවූ ගෙටත් මා පමුණුවන බව දනිමි.
පොහොසත් අපොහොසත් ලෝවැසි සියල්ලෙනි, එක්ව කන්දෙව්.
ඔව්හු උස්වූ දෙයට භයවන්නෝය, භයානකකම්ද මාර්ගයෙහි වන්නේය; කොට්ටම්බා ගස මල්ගන්නේය, පළඟැටියා බරක් වන්නේය, ආශාව පහවන්නේය. මක්නිසාද මනුෂ්‍යයා තමාගේ සදාකාල ගෙට යන්නේය, විලාපකියන්නෝද වීදිවල ඇවිදින්නෝය.
දූවිල්ල තිබුණු හැටියට පොළොවට හැරීයන්ටත්, ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරීයන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහිකරන්න.
ප්‍රාණය නවත්වාගන්න හැටියට ප්‍රාණය කෙරෙහි බලය ඇති කෙනෙක් නැත; මරණයේ දවස කෙරෙහි බලය ඇති කෙනෙකුත් නැත; ඒ යුද්ධයෙන් මිදීමකුත් නැත. දුෂ්ටකම්කරන්නාද දුෂ්ටකම නිසා නිදහස්වෙන්නේ නැත.
තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක්මෙන්ම,