මම ඔවුන්ගේ මාර්ගය නියමකරදී, ප්‍රධානියාව හිඳ, හමුදාවෙහි රජෙකු මෙන්ද වැලපෙන්නන් සනසන්නෙකු මෙන්ද වාසයකෙළෙමි.
නුඹ මාගේ ගෘහයට ප්‍රධානියා විය යුතුය. මාගේ මුළු සෙනඟ නුඹේ වචනයට යටත් වන්නේය. සිංහාසනයෙහිදී පමණක් මම නුඹට වඩා උසස්වෙමියි කීවේය.
පසුගිය කාලයේ සාවුල් අප කෙරෙහි රජ ව සිටි කල්හි ඉශ්‍රායෙල්වරුන් පිටතට ගෙනගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබමය. ස්වාමීන්වහන්සේ ඔබට කථාකොට–නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනය කරමින් ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි කීසේකැයි කීවෝය.
ඔහුගේ සම්පත් නම් බැටළුවන් සත් දහසකුත් ඔටුවන් තුන් දහසකුත් ගොන් බාන් පන්සියයකුත් කොටළුදෙනුන් පන්සියයකුත් වැඩකාරයන් ඉතා මහත් ගණනකුත්ය; මෙසේ ඒ මනුෂ්‍යයා නැගෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය.
එහෙත් මාගේ මුඛයෙන් නුඹලා ශක්තිමත්කර, මාගේ තොල්වල සැනසිල්ලෙන් නුඹලා උසුලන්නෙමි.
මා සිනාසී ඔවුන් දෙස බැලූ කල ඔව්හු විශ්වාස නොකළෝය; මාගේ මුහුණේ එළියද නොසලකා නොසිටියෝය.
මාගේ අඩිවල ගණන උන්වහන්සේට කියා සිටින්නෙමි; අධිපතියෙකු මෙන් උන්වහන්සේ ළඟට යන්නෙමි.
ඉශ්‍රායෙල්හි සියලු ගෝත්‍ර වන සෙනඟගේ ප්‍රධානීන් රැස්වූ කල, උන්වහන්සේ යෙෂුරූන්හි රජව සිටිසේක.
එවිට ගිලියද් වැඩිමහල්ලෝ: අප දැන් නැවත නුඹ ළඟට ආවේ නුඹ අප සමඟ ගොස් අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකර ගිලියද් වැසියන්වූ අප සියල්ලන්ට ප්‍රධානියා වෙන පිණිසයයි යෙප්තාට කීවෝය.