මාගේ ඉසුර මා කෙරෙහි අමුව තිබේ, මාගේ දුන්නද මාගේ අතෙහි අලුත්වන්නේයයි කීමි.
නුඹලා මිසරයෙහි මාගේ සියලු ඓශ්චර්ය ගැනද නුඹලා දුටු සියල්ල ගැනද මාගේ පියාට දන්වා ඉක්මන්කොට මාගේ පියා මෙහි කැඳවාගෙන එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය.
එහෙත් ඔහුගේ දුන්න ශක්තිමත්ව පැවතුණේය, යාකොබ්ගේ බලවන්තයාණන්වහන්සේගේ අත්වලින්ද නුඹට පිහිටවන නුඹේ පියාගේ දෙවියන්වහන්සේගෙන්ද ඉහළ අහසේ ආශීර්වාදවලිනුත්
උන්වහන්සේ මාගේ ඉසුර මාගෙන් උදුරාදමා, මාගේ හිසෙන් ඔටුන්න පහකර තිබේ.
මම ධර්මිෂ්ඨකම පැළඳගතිමි, එයද මා පැළඳගත්තේය; මාගේ යුක්තිය සළුවක්ද මකුටයක්ද මෙන් තිබුණේය.
රාජාලියෙකු මෙන් ඔබගේ යෞවනකම අලුත්වන පිණිස උන්වහන්සේ ඔබගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවනසේක.
උන්වහන්සේ යුද්ධයට මාගේ අත් පුරුදුකරනසේක; එහෙයින් මාගේ බාහු පිත්තල දුන්නක් නමති.
නුමුත් ස්වාමිනි, ඔබ මා අවට පලිහක්ද මාගේ ගෞරවයද මාගේ හිස ඔසවන්නාද වනසේක.
නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.
එහෙයින් අපි ක්ලාන්ත නොවමුව; අපේ පිටත මනුෂ්‍යයා ක්ෂයවෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත්කරනු ලබන්නේය.