මක්නිසාද කන ඇසූ කල්හි මට ආශීර්වාදකෙළේය; ඇසද මා දුටු කල්හි මා ගැන වර්ණනා කෙළේය.
මට ආශීර්වාදකරන හැටියට ඔහුගේ ඉඟටිය මාගේ බැටළු ලොම්වලින් උණුහුම් නොවී නම්,
බලව, නුඹ බොහෝදෙනෙකුට දැනමුතුකම් දී, හෙළා වැටුණු අත් බලවත්කෙළෙහිය.
සෙලවෙන තැනැත්තා නුඹේ වචනවලින් නුඹ ස්ථිරකෙළෙහිය, නැමෙන දණහිස් සවිකෙළෙහිය.
ධර්මිෂ්ඨයන්ට බලය තිබෙන කල සෙනඟ ප්‍රීතිවෙති; එහෙත් දුෂ්ටයෙක් ආණ්ඩුකරන කල සෙනඟ සුසුම්ලති.
එසේම දෙක ලැබූ තැනැත්තේද තවත් දෙකක් උපදවාගත්තේය.
තවද උන්වහන්සේ මේ වචන කියද්දී සමූහයා අතරෙන් එක්තරා ස්ත්‍රියෙක් ශබ්දනගා: ඔබවහන්සේ දැරූ කුසයද ඔබවහන්සේට කිරිදුන් තනද වාසනාවන්තයයි උන්වහන්සේට කීවාය.
සියල්ලෝ උන්වහන්සේට සාක්ෂිදෙමින්, උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කරුණාවේ වචන ගැන පුදුමව: මොහු යෝසෙප්ගේ පුත්‍රයා නොවේදැයි කීවෝය.