නොවැස්සෙන හැටියට ඔහු ගංගා අහුරයි; සැඟවී තිබෙන දේ එළියට ගෙනෙයි.
උන්වහන්සේ තමන්ගේ ඝන වලාකුල්වල වතුර බැඳ තබනසේක; වලාකුළද ඒ යටින් නොපැළෙයි.
ඔහු පර්වතවල දිය පාරවල් කපා සියලු ආකාර අනර්ඝ දේ තමාගේ ඇසින් දකින්නේය.
නුමුත් ප්‍රඥාව සම්බවන්නේ කොතැන්හිද? නුවණ තිබෙන තැන කොහේද?
මම හාරා වතුර බීවෙමි, මාගේ පය තැබීමෙන් මිසරයේ සියලු ගංගා හින්දවන්නෙමියි කීයෙහිය.
ගැඹුරට: හිඳෙන්න කියාද, මම නුඹේ ගංගා හිඳවන්නෙමියි කියාද කියන තැනන්වහන්සේය.
එහෙයින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරනසේක; එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.