විපත ඔහු පිටට පැමිණෙන විට දෙවියන්වහන්සේ ඔහුගේ හඬගැසීම අසනවා ඇද්ද?
විනිශ්චයේදී ඔහු වරදකාරයෙක් වේවා; ඔහුගේ යාච්ඤාවද පාපයක් වේවා.
ඔව්හු මොරගැසුවෝය, නුමුත් ගළවන්ට කිසිවෙක් නොවීය. ස්වාමීන්ට මොරගැසුවෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නුදුන්සේක.
ඒකල මම සුළඟ ඉදිරියෙහි ධූලි මෙන් ඔවුන් සුණු කෙළෙමි. වීථිවල මඩ මෙන් ඔවුන් වීසි කෙළෙමි
අයුතුකම් කිරීමේ අභිප්‍රායක් මාගේ සිතෙහි ඇත්නම්, ස්වාමීන්වහන්සේ මාගේ බස් නාසනසේක.
නුඹලාගේ භීතිය කුණාටුවක් මෙන් පැමිණෙන විටද, නුඹලාගේ විනාශය සුළි හුළඟක් මෙන් එනවිටද, නුඹලා කෙරෙහි විපතත් දුකත් පැමිණෙන විටද, මම සරදම්කරන්නෙමි.
එවිට ඔවුන් මට හඬගසන නුමුත් මම උත්තර නොදෙන්නෙමි; ඔවුන් බොහෝසේ මා සොයන නුමුත් මා සම්බවන්නේ නැත.
ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.
නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ.
එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, ඔවුන්ට ගැළවෙන්ට බැරි විපත්තියක් ඔවුන් පිටට පමුණුවන්නෙමි; ඔවුන් මට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමි.
ඔවුන් නිරාහාරව සිටින කල මම ඔවුන්ගේ කන්නලව්ව නොඅසන්නෙමි; ඔවුන් දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකරන විටත් මම ඒවා පිළිනොගෙන, කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන් විනාශකරන්නෙමියි කීසේක.
එබැවින් මමත් කෝපයෙන් ක්‍රියාකරන්නෙමි. මාගේ ඇස දයා නොකරන්නේය, මම කරුණා නොකරන්නෙමි. ඔවුන් මහත් හඬකින් මාගේ කන්වලට මොරගැසුවත් මම ඔවුන්ට ඇහුම්කන් නොදෙන්නෙමියි මට කීසේක.
ඔව්හු තමුන්ගේ යහන්වලදී කෑගසන විට තමුන්ගේ සිත්වලින් මට මොර නොගැසුවෝය. ඔව්හු ධාන්‍යයද මිදියුසද ගැන රැස්වී, මට විරුද්ධව කැරළිගසති.
එකල ඔව්හු ස්වාමීන්වහන්සේට මොරගසන්නෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නොදී, ඔවුන් නපුරු ක්‍රියාවල් කළ හෙයින් ඒ කාලයේදී තමන්ගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නාසේක.
එසේ උන්වහන්සේ අඬගැසූ කල ඔවුන් නාසා සිටියාක්මෙන් ඔවුන් අඬගසන කල මමත් නාසා සිට,
ගෙයි ස්වාමීයා නැගිට දොර වැසුවායින් පසු, නුඹලා පිටත සිට දොරට තට්ටුකරන්ට පටන්ගෙන: ස්වාමීනි, අපට දොර ඇරිය මැනවයි කියන කල, උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා කොතැනින් ආවාද කියා නොදනිමියි නුඹලාට කියන්නේය.
දෙවියන්වහන්සේ පව්කාරයන්ගේ බස් නොඅසන බවත් යමෙක් දෙවියන්වහන්සේට නමස්කාරකරන්නෙක්ව උන්වහන්සේගේ කැමැත්ත කරන්නේ නම් ඒ අයගේ බස් අසන බවත් අපි දනිමුව.
නුඹලා හැරී ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඇඬුවහුය; එහෙත් ස්වාමීන්වහන්සේ නුඹලාගේ හඬ ඇසුවේවත් නුඹලාගේ බසට ඇහුම්කන්දුන්නේවත් නැත.
නුඹලා ඉල්ලන නුමුත් නුඹලාගේ තෘෂ්ණා ගැන වියදම්කරන පිණිස වැරදිලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත.