ඔව්හු කෙතේ කටුසර බෝග කපාගනිති; දුෂ්ටයාගේ මිදිවත්තේ ඉතිරි ඵලද අවුලාගනිති.
ඔහු වනාහි ජලය මතුපිට තිබෙන සැහැල්ලු දෙයක් මෙන්ය; ඔවුන්ගේ කොටස පොළොවෙහි ශාපලත් එකක්ය. මිදිවතු දෙසට ඔහු නොහැරෙයි.
කාන්තාරයේ වල් කොටළුවන් මෙන් ඔව්හු කෑම සොයමින්ම තමුන්ගේ වැඩේට පිටත්ව යති; මරුකතර ඔවුන්ගේ දරුවන්ට කෑම දෙයි.
ඔව්හු රෑ මුළුල්ලේ වස්ත්‍ර නැතුව නග්නව ලගිති, ශීතලට වැස්මකුත් ඔවුන්ට නැත.
මම මිල නොදී ඒකේ අස්වැන්න කා, ඒකේ අයිතිකාරයන්ගේ ප්‍රාණ හානි කෙළෙම් නම්,
නුඹ වපුරන නුමුත් කපාගන්ට නොලැබේ. නුඹ ඔලීව ඵල මඩින නුමුත් තෙල් ගාගන්ට නොලැබේ; නුඹ මිදියුස මිරිකන නුමුත් මුද්‍රිකපානය බොන්ට නොලැබේ.
නුඹේ භූමියේ පලදාවද නුඹේ මුළු උත්සාහ ලාභයද නුඹ නොදන්න සෙනඟක් භුක්තිවිඳිනවා ඇත, නුඹ නිරන්තරයෙන් පීඩාවට හා බලාත්කාරයටම ගොදුරුවන්නෙහිය.
නුඹ විනාශවී යන තුරු ඔව්හු නුඹේ සිව්පාවුන්ගේ ඵලයද නුඹේ භූමියේ ඵලයද කාදමන්නෝය. ඔව්හු නුඹ නැතිකරදමන තුරු නුඹට ධාන්‍යවත් මුද්‍රික රසයවත් තෙල්වත් නුඹේ ගව වස්සන්වත් එළු බැටළු පැටවුන්වත් ඉතුරු නොකරන්නෝය.