ඒ මනුෂ්‍යයන්ගේ තාප්ප ඇතුළෙහි ඔව්හු තෙල් හිඳිති; මිදි යන්ත්‍ර පාගමින් පිපාසය විඳිති.
එබැවින් ඔව්හු ඇඳුම් නැතුව නග්නව ඇවිදිති, සාගින්නෙන් යුක්තව ගොයම් මිටි ගෙනයති;
ජනගහනවූ නුවර තුළ සිට මරණාසන්න වුවන් කෙඳිරිගාති, තුවාලවූවන්ගේ ආත්මද මොරගසති. එහෙත් දෙවියන්වහන්සේ ඒ වරද නොසලකනසේක.
ඔහු වනාහි ජලය මතුපිට තිබෙන සැහැල්ලු දෙයක් මෙන්ය; ඔවුන්ගේ කොටස පොළොවෙහි ශාපලත් එකක්ය. මිදිවතු දෙසට ඔහු නොහැරෙයි.
සාරවත් කෙතෙන් සතුටද ප්‍රීතියද පහකරනලද්දේය; මිදිවතුවල කවිකීමවත් ප්‍රීති ඝෝෂාවවත් නොවන්නේය. කිසි මඩින්නෙක් මිදිපැස්වල මුද්‍රිකඵල මැඩ නොගන්නේය; මම මිදිඵල නෙළීමේ ප්‍රීති ඝෝෂාව නැවැත්වීමි.
තමාගේ ගෙය අධර්මිෂ්ඨකමින්ද තමාගේ උඩුමහල් අයුක්තියෙන්ද ගොඩනගන්නාවූ, තමාගේ අසල්වාසියාට කුලී නොදී නිකමට ඔහුගෙන් වැඩ ගන්නාවූ,
ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න.
බලව, නුඹලාගේ ගොයම් කැපූ වැඩකරුවන්ට නොදී තබාගත් ඔවුන්ගේ කුලිය කෑගසන්නේය. ගොයම් කැපූ අයගේ මොරගැසීමද සේනාවල ස්වාමීන්වහන්සේගේ කන්වල වැටුණේය.