උන්වහන්සේ මට උත්තරදෙන වචන දැනගන්නෙමි, මට කියන දේ තේරුම්ගන්නෙමි.
දෙවියන්වහන්සේට මම මෙසේ කියන්නෙමි: මා වරදට පත් නොකළ මැනව; කුමක් නිසා මා සමඟ විවාදකරනසේක්දැයි මට දැන්නුව මැනව.
එවිට උන්වහන්සේ ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළට තබන්නෙමි, මාගේ මුඛයද තර්කවලින් පුරවන්නෙමි.
උන්වහන්සේ තමන් බලයේ මහත් කමින් මා සමඟ විවාදකරනවා ඇද්ද? නැත, උන්වහන්සේ මට ඇහුම්කන් දෙනවා ඇත.