එසේනම් නුඹලාගේ උත්තරවල බොරුව පමණක් තිබෙද්දී නිරර්ථකලෙස නුඹලා මා සනසන්ට හදන්නේ කෙසේදැයි කීවේය.
නුඹලාගේ පැණවත් කීම් අළු වැනි උපදේශවල්ය, නුඹලාගේ බලකොටු මැටි බලකොටුය.
නුඹලා නම් බොරු ගොතන්නෝය, නුඹලා සියල්ලෝම නොවටිනා වෙද්දුය.
එබඳු බොහෝ දේ මා විසින් අසා තිබේ. නුඹලා සියල්ලෝම දුක්දෙන සැනසිලිකාරයෝය.
එකල තේමානිය එලීපස් උත්තරදෙමින් කියනුයේ:
ඔහුගේ මිත්‍රයන් තුන්දෙනාද යෝබ් කෙරෙහි වරද තැබූ නුමුත් ඔහුට උත්තරදෙන්ට ඔවුන්ට බැරිවුණ බැවින් ඔවුන්ටත් විරුද්ධව ඔහුගේ උදහස ඇවුළුණේය.
තවද ස්වාමීන්වහන්සේ මේ වචන යෝබ්ට කී පසු ස්වාමීන්වහන්සේ තේමානිය එලීපස්ට කථාකොට: මාගේ සේවකයාවූ යෝබ් මෙන් නුඹත් නුඹේ මිත්‍රයන් දෙන්නාත් මා ගැන හරි ලෙස කථා නොකළ බැවින් මාගේ උදහස නුඹලා කෙරෙහි ඇවිළ තිබේ.