Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෝබ් 21:2

Sinhala Revised Old Version

මාගේ කථාව සැලකිල්ලෙන් අසන්න; මේක නුඹලාගේ සැනසීම් වේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

14 හුවමාරු යොමු  

මාගේ කථාව හොඳාකාර අසන්න, මාගේ කීමද නුඹලාගේ කන්වල වැටේවා.

ඉතින් මාගේ උත්තරය අසා, මාගේ තොල්වල විවාදවලට ඇහුම්කන් දෙන්න.

දෙවියන්වහන්සේගේ සැනසිලිත් නුඹ සමඟ මෘදුලෙස කථාකරන වචනයත් නුඹට මදිද?

එබඳු බොහෝ දේ මා විසින් අසා තිබේ. නුඹලා සියල්ලෝම දුක්දෙන සැනසිලිකාරයෝය.

‍නුඹලා කොපමණ කල් වචනවලට උගුල් තබන්නහුද? තේරුම්ගන්න, පසුව කථාකරමුව.

එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:

මටත් කථාකරන්ට ඉඩ අරින්න; මා කථාකළායින් පසු නින්දාකරන්න.

ඒ කොයිහැටි නුමුත්, යෝබ්, මාගේ කථාව අසා, මාගේ සියලු වචනවලට ඇහුම්කන් දෙන්න.

ප්‍රඥාවන්තයෙනි, මාගේ වචන අසන්න; දැනගැන්ම ඇත්තෙනි, මට ඇහුම්කන්දෙන්න.

කෑම නොවන දේට මුදල්ද තෘප්තියට නොපමුණුවන දේට නුඹලාගේ වස්තුවද වියදම්කරන්නේ මක්නිසාද? හොඳාකාරයෙන් මට ඇහුම්කන්දී හොඳව තිබෙන දේ කන්න, නුඹලාගේ ප්‍රාණයද තරකම භුක්තිවිඳීවා.

ඉන්නිසා අසන්ට ලැබූ දේවලින් අප යම් අන්දමකින් අහක්ව නොයන පිණිස ඒවා වඩා ඕනෑකමින් අප විසින් සැලකිය යුතුය.

ඔවුන් එය යෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිසීම් කන්ද මුදුනේ සිට ශබ්දනගා මොරගසමින්: ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන්වහන්සේ නුඹලාට ඇහුම්කන්දෙන පිණිස නුඹලා මට ඇහුම්කන්දෙන්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්