මමම උන්වහන්සේ දකින්නෙමි, අන්‍යයෙක් නොව මාගේම ඇස් උන්වහන්සේ දකින්නේය. මාගේ හෘදයවස්තුව මා තුළෙහි ක්ෂයවී තිබේ.
ඔහු දෙවියන්වහන්සේට යාච්ඤා කරනවා ඇත, උන්වහන්සේ ඔහු පිළිගෙන, උන්වහන්සේගේ මුහුණ ප්‍රීතියෙන් දකින්ට සලස්වා, නැවත මනුෂ්‍යයාට ඔහුගේ ධර්මිෂ්ඨකම පමුණුවනවා ඇත.
ස්වාමීන්වහන්සේ මාගේ පක්ෂයෙහිය; භය නොවන්නෙමි. මනුෂ්‍යයා මට කුමක් කළ හැක්කේද?
මාගේ ආත්මය ඔබගේ ගැළවීමට ආශාවෙන් වෑරෙයි. මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.
මම වනාහි ධර්මිෂ්ඨකමින් ඔබගේ මුහුණ දක්නෙමි. මම පුබුදින කල ඔබගේ ස්වරූපයෙන් තෘප්තියට පැමිණෙන්නෙමි.
මාගේ මාංසයත් සිතත් ක්ෂයවේ. දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියද සදාකාලයට මාගේ කොටසද වනසේක.
ඔබගේ මළාහු ජීවත්වන්නෝය; මාගේ මළකඳන් නැගිටිනවා ඇත. ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න. මක්නිසාද ඔබගේ පිනි පලාජාතිවල පිනි මෙන්ය, පොළොව සහ මළවුන් පිට ඔබ ඒවා බසින්ට සලස්වනසේක.
ස්වකීය ශෝභනකමෙන් යුක්තවූ රජ්ජුරුවන් නුඹේ ඇසින් දකින්නෙහිය. විශාලවූ දේශයක් ඔව්හු දකින්නෝය.
මම උන්වහන්සේ දකිමි, එහෙත් දැන් නොවේ. මම උන්වහන්සේ බලමි, එහෙත් ළඟදීම නොවේ. යාකොබ්ගෙන් තාරකාවක් නික්මෙන්නේය, ඉශ්‍රායෙල්ගෙන් ජයකොන්තයක් නැගී එන්නේය, එය මෝවබ් දෙකෙළවර නටබුන්කර සියලු කලහකාර පුත්‍රයන් බිඳ හෙළන්නේය.