උන්වහන්සේගේ හමුදාවෝ එක්ව ඇවිත් මට විරුද්ධව තමුන්ගේ මාර්ගය උසට ගොඩනගා, මාගේ කූඩාරම වටකරින් කඳවුරු බඳිති.
විපත්තියත් වේදනාවත් ඔහු භයගන්වා, සටනට සැරසී සිටින රජෙකු මෙන් ඔහු පරාජයකරන්නේය.
දෙවියන්වහන්සේ අභක්තිකයාට මා පාවාදෙනසේක; දුෂ්ටයන්ගේ අත්වලට මා වීසිකරනසේක.
උන්වහන්සේගේ දුනුවායෝ මා වටකරගන සිටිති, උන්වහන්සේ කරුණා නොකර, මාගේ වකුගඩු පළා, මාගේ පිත බිම වගුරුවනසේක.
මාගේ දකුණු පැත්තෙහි කොලු රැළක් නැගිටිති; ඔව්හු මාගේ පාද තල්ලුකරදමති, මට විරුද්ධව ඔවුන්ගේ විනාශකාර මාර්ග ගොඩකරති.
මක්නිසාද සර්වපරාක්‍රමයාණන්ගේ ඊ ගස් මා තුළට වැදී තිබේ, ඒවායේ විෂය මාගේ ආත්මයට බීගන්නේය. දෙවියන්වහන්සේගේ භයානකකම් මට විරුද්ධව සැරසී තිබේ.
නුමුත්: අප විසින් නුඹ පාගායන පිණිස වැටී ඉන්නැයි නුඹේ ආත්මයට කීවාවූ නුඹේ පීඩාකාරයන්ගේ අතට ඒක දෙන්නෙමි. එලෙස නුඹ නුඹේ පිට බිම මෙන්ද පාගායන්නන්ට වීථිය මෙන් ද තැබුවෙහිය.