මා නැතිවීයන හැටියට වටකරින් උන්වහන්සේ මා කඩාදමා, මාගේ බලාපොරොත්තුව ගහක්මෙන් උදුරා දැමූසේක.
බලව, උන්වහන්සේ කඩාදැමුවාම ගොඩනගනු නොලබන්නේය; උන්වහන්සේ මනුෂ්‍යයෙකු වසාතැබුවාම නිදහසක් නොවන්නේය.
ගල් වතුරට ගෙවීයන්නේය; ඒවායේ ගැලීමට පොළොවේ පස් ගහගන යන්නේය; එසේම ඔබ මනුෂ්‍යයාගේ බලාපොරොත්තුව නැතිකරනසේක.
මාගේ දවස් පහවී, මාගේ සිතේ සම්පත වන මාගේ අදහස් කඩවී තිබේ.
එසේ නම් මාගේ බලාපොරොත්තුව කොතැනද? මාගේ බලාපොරොත්තුව පෙනෙන්නේ කාටද?
සාතන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටතට ගොස් යෝබ්ගේ පතුල පටන් ඔහුගේ හිස් මුදුන දක්වා නපුරු ගඩු හටගැන්වීමෙන් ඔහුට පහරදුන්නේය.
ඔහු බිහිකළ තැනැත්තී ඔහුව මතක නැතිකරයි; ඔහු පණුවන්ට මිහිරි කෑමක් වන්නේය. ඔහු තවත් සිහි නොවන්නේය. අධර්මිෂ්ඨකමද ගහක් මෙන් කඩා දමනු ලබන්නේය.
මා බලාපොරොත්තුව සිටින පිණිස මාගේ ශක්තිය මොකක්ද? මා ඉවසිල්ලෙන් පසුවෙන පිණිස මාගේ අන්තිමය මොකක්ද?
මාගේ දවස් වියන්නාගේ නඩාවට වඩා ඉක්මන්ව, බලාපොරොත්තුවක් නැතුව ගෙවී යන්නේය.
මාගේ දවස් බැසයන සෙවණැල්ලක් මෙන්ය; මම තණකොළ මෙන් වියළී සිටිමි.