උන්වහන්සේ මා සෙනඟ අතරේ නින්දා පාඨයක් කළසේක; මම ඔවුන්ට කෙලහීමක් වී සිටිමි.
මාගේ පුත්‍රයන්ද දූවරුන්ද සිඹගන්ට මට අවකාශ නොදී, ප්‍රීතියද ගීතිකාද රබානද වීණාද ඇතුව නුඹ පිටත් කරන පිණිස මට නොදන්වා,
මා විසින් ඉශ්‍රායෙල්ට දී තිබෙන දේශය මතුපිටින් ඔවුන් සිඳදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් පහකරදමන්නෙමි; ඉශ්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය.
මම දෙවියන්වහන්සේට යාච්ඤාකොට උන්වහන්සේගෙන් උත්තර ලැබූ මනුෂ්‍යයෙක් නුමුත් තමාගේ අසල්වාසියාට විහිලුවක් වූ කෙනෙක් මෙනි. ධර්මිෂ්ඨවූ අවංක මනුෂ්‍යයා විහිලුවක්ය.
සැබෑවටම සරදම්කාරයෝ මා වෙත සිටිති, මාගේ ඇස ඔවුන්ගේ විරුද්ධකම් දෙසටම යොමුවී තිබේ.
ඔව්හු මා පිළිකුල්කොට මාගෙන් දුරුවෙති, මාගේ මුහුණ ඉදිරියෙහි කෙළගසන්ට භය නැත්තෝය.
දැන් වනාහි මම ඔවුන්ගේ ගීතිකාව වී සිටිමි, එසේය, ඔවුන්ට නින්දා පාඨයක්ව සිටිමි,
ඔබ ජාතීන් අතරේ අප නින්දා වාක්‍යයක්ද, මනුෂ්‍ය වර්ගයන් අතරේ හිස් වැනීමට කරුණක්ද වෙන්ට සලස්වනසේක.
නින්දාකරන්නාගෙත් අපහාස කරන්නාගෙත් ශබ්දය නිසාද, සතුරා සහ පළිගන්නා නිසාද,
ගෝණි මාගේ ඇඳුම් කොට ගත් කල මම ඔවුන්ට නින්දා වාක්‍යයක් වීමි.
ඔවුන්ගේ මංගල්‍යවල වීණාව සහ කුඩා වීණාවත් රබානත් නළාවත් මුද්‍රිකපානයත් ඇත. නුමුත් ඔවුන් ස්වාමීන්වහන්සේගේ ක්‍රියාව සලකන්නේවත් උන්වහන්සේගේ අත්වල ක්‍රියාව කල්පනාකළේවත් නැත.
ස්වාමීන්වහන්සේද: ඇගේ පියා ඇගේ මුහුණට කෙළගැසුවේනම් ඒකට පවා ඈ සත් දවසක් ලජ්ජාවෙන් නොසිටින්නීද? ඈ සත් දවසක් කඳවුරෙන් පිටත වසා තබනු ලැබ පසුව ඇතුළට ගනු ලබාවයි ඔහුට කීසේක.