සැබෑවටම සරදම්කාරයෝ මා වෙත සිටිති, මාගේ ඇස ඔවුන්ගේ විරුද්ධකම් දෙසටම යොමුවී තිබේ.
මනුෂ්‍යයන් නුඹේ ප්‍රලාපවලට නිශ්ශබ්දව සිටින්ටද? නුඹ කවටකම්කරන කල කිසිවෙක් නුඹ ලජ්ජාවට නොපමුණුවන්නේද?
මම දෙවියන්වහන්සේට යාච්ඤාකොට උන්වහන්සේගෙන් උත්තර ලැබූ මනුෂ්‍යයෙක් නුමුත් තමාගේ අසල්වාසියාට විහිලුවක් වූ කෙනෙක් මෙනි. ධර්මිෂ්ඨවූ අවංක මනුෂ්‍යයා විහිලුවක්ය.
උන්වහන්සේ නුඹලා විමසා බැලුවොත් හොඳද? නොහොත් මනුෂ්‍යයෙකු රවටන්නාක්මෙන් උන්වහන්සේ රවටන්නට නුඹලාට පුළුවන්ද?
මාගේ යහළුවෝ මට නින්දාකරති. මාගේ ඇස දෙවියන්වහන්සේ දෙසට කඳුළු වගුරුවයි.
උන්වහන්සේ මා සෙනඟ අතරේ නින්දා පාඨයක් කළසේක; මම ඔවුන්ට කෙලහීමක් වී සිටිමි.
මටත් කථාකරන්ට ඉඩ අරින්න; මා කථාකළායින් පසු නින්දාකරන්න.
බලව, නුඹලා සියල්ලෝම එය දුටුවෝය; එසේනම් නුඹලා මෙසේ නිෂ්ඵල දේ කථාකරන්නේ මක්නිසාද?
ඔහුගේ ආත්මය සුවසේ වසන්නේය; ඔහුගේ වංශය දේශය උරුමකරගන්නේය.
මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.