ධූලියෙහි නිශ්චලය ලැබූ හැටියේම ඒක ෂෙයෝලේ අගුල් දක්වා බසිනවා ඇතැයි කීවේය.
එවිට ෂූහියවූ බිල්දද් උත්තරදෙමින් කියනුයේ:
ඔහුගේ ඇට ඔහුගේ යෞවනභාවයෙන් පිරී තිබෙන නුමුත්, එය ඔහු සමඟ ධූලියෙහි වැදහෙන්නේය.
මිටියාවතේ පිඩලි ඔහුට මිහිරිවන්නේය, සියලු මනුෂ්‍යයෝ ඔහුට පස්සෙනුත් ඔහුට පෙරටුවෙනුත් ගණනාවක් නැතුව පෙළ නොකැඩී යති.
මාගේ දවස් වියන්නාගේ නඩාවට වඩා ඉක්මන්ව, බලාපොරොත්තුවක් නැතුව ගෙවී යන්නේය.
වලාකුළ නැතිවී නොපෙනී යන්නාසේම ෂෙයෝලට බසින අය තවත් නැගීනොඑන්නේය.
ස්වාමිනි, ඉක්මනින් මට උත්තරදුන මැනව; මාගේ ආත්මය ක්ලාන්තවේ. වළට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.
එවිට උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, මේ ඇට නම් මුළු ඉශ්‍රායෙල් වංශයය. අපේ ඇට වියළී අපේ බලාපොරොත්තුව නැතිවී තිබේ; අපි සහමුලින්ම සිඳදමනු ලැබීමුයයි ඔව්හු කියති.
කඳුවල පතුලට බැස්සෙමි; පොළොව ස්වකීය අගුල්වලින් සදාකාලේටම මා හිරකරගත්තේය. එහෙත්, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ප්‍රාණය වළෙන් ගොඩට ගත්සේක.
එසේය, මළවුන් නැගුටුවන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි මිස අප කෙරෙහිම විශ්වාස නොකරන පිණිස මරණ-තීන්දුව අප තුළේම තිබුණේය.