ඔබ මා අල්ලාගත්සේක, ඒක මට විරුද්ධව සාක්ෂියක්ය. මාගේ කෙට්ටුකම මට විරුද්ධව නැගිටියි, ඒක මාගේ මුහුණ ඉදිරියෙහි සාක්ෂිදෙයි.
අමුතු සාක්ෂි මට විරුද්ධව පමුණුවා, මා කෙරෙහි ඔබගේ උදහස වැඩි කරනසේක; සේනාව පිට සේනාව මා කරා එන්නාහ.
මාගේ ඇස් ශෝකයෙන් අඳුරුවී තිබේ, මාගේ අවයව සියල්ලම සෙවණැල්ලක් මෙන්ය.
මාගේ ඇට මාගේ හමටත් මාංසයටත් ඇලී තිබේ, මා ඉතිරිවී ඉන්නේ මාගේ දත්වල හම පමණක් ඇතුවය.
නොපෙනෙන ලෙස ඔහුගේ මාංසය ක්ෂයවී, නොපෙනුණාවූ ඔහුගේ ඇට පෑදෙන්නේය.
උන්වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ටකළසේක; නුමුත් ඔවුන්ගේ ආත්මය කෘශභාවයට පැමිණවූසේක.
නිරාහාරව සිටීමෙන් මාගේ දණහිස් දුර්වලය; මාගේ මාංසයේ තරකමක් නැත.
එබැවින් සේනාවල ස්වාමිවූ ස්වාමීන්වහන්සේ ඔහුගේ තර අය පිටට කෙට්ටුකම යවනසේක; ඔහුගේ ඉසුර යටද ගිනි ඇවිළීමක් මෙන් ඇවිළීමක් වන්නේය.
ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේයයි කියන ගීතිකා පොළොවේ කෙළවරේ සිට ඇසීමුව. එහෙත් මම කථාකොට: මම ක්ෂයවෙමි, මම ක්ෂයවෙමි, මට දුක්වේ! වංචාකාරයෝ වංචාකළෝය; එසේය, වංචාකාරයෝ බොහෝසෙයින් වංචාකළෝයයි කීමි.
තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පුකරගැනීම සඳහා වචනය නැමති වතුරෙන් සේදීමෙන්, උන්වහන්සේ එය පවිත්‍රකොට පිරිසිදුකරන පිණිසය.
මම සම්පූර්ණව පිටත්ව ගියෙමි, ස්වාමීන්වහන්සේ මා සිස්කොට නැවත ගෙනාසේක. ස්වාමීන්වහන්සේ මට විරුද්ධව සාක්ෂිදී සර්වපරාක්‍රමයාණන්වහන්සේ මට පීඩා පමුණුවා තිබෙද්දී, නුඹලා මට නායොමිය කියන්නේ මක්නිසාදැයි කීවාය.