මා කථාකරන නුමුත් මාගේ ශෝකය නොසන්සිඳෙයි. කථා නොකර උන්නත් මට ලැබෙන පහසුව කිමෙක්ද?
මාගේ ආත්මයට මාගේ ජීවිතය වෙහෙසක්ය; මාගේ විලාපය වලක්වා නොගෙන, මාගේ ආත්මයේ ශෝකයෙන් කථා කරන්නෙමි.
එහෙත් මාගේ මුඛයෙන් නුඹලා ශක්තිමත්කර, මාගේ තොල්වල සැනසිල්ලෙන් නුඹලා උසුලන්නෙමි.
මාගේ විලාපය මතකනැතිකර, මාගේ දුක්මුසු පෙනීම වෙනස් කරගෙන, සොම්නස්වන්නෙමියි කීවත්,
මාගේ සියලු දුක්වලට භයෙන් සිටිමි, ඔබ මා නිර්දෝෂ කොට ගණන් නොගන්න බව දනිමි.