උන්වහන්සේ බිඳුම් පිට බිඳුම් කොට, මා පොඩිකරනසේක; යුද්ධකාරයෙකු මෙන් මට විරුද්ධව දුව එනසේක.
ඔබ මට කෲරතර වී සිටිනසේක, ඔබගේ අතේ බලයෙන් මට පීඩාකරනසේක.
මක්නිසාද උන්වහන්සේ කුණාටුවකින් මා පොඩිකර, නිකරුණේ මාගේ තුවාල වැඩිකරනසේක.
ඔබගේ ජලධාරාවල ඝෝෂාවෙන් ගැඹුර ගැඹුරට හඬගසයි. ඔබගේ සියලු රැළ සහ තරංගයෝ මා වසාගත්තෝය.
උන් බලවතුන් මෙන් දුවති; යුද්ධකාරයන් මෙන් පවුරට නගිති; උන් තමුන්ගේ මාවත්වලින් අහක් නොවී, එක එකා තම තමාගේ මාර්ගයෙන්ම යන්නෝය.
ඔහු ඔවුන්ට ගිය ගිය අතේ පහරදී මහත් මැරීමක් කෙළේය. පසුව ඔහු ගොස් ඒතාම් පර්වතයේ විවරයෙහි නැවතී සිටියේය.