ඔහු තමාගේ දවස කුලීකාරයෙකු මෙන් භුක්තිවිඳ නිමවෙන තුරු, ඔහු නිෂ්කලංකය ලබන පිණිස, ඔබගේ ඇස් ඔහු කෙරෙන් හරවාගත මැනව.
මාගේ දවස් ස්වල්ප නොවේද? එබැවින් නැවතුණ මැනව; හැරී නේන ස්ථානයට,
මක්නිසාද ගහක් කපාදැමුවොත් ඒක දෙවනු ලියලා, ඒකේ රිකිලි හටගන්නේය යන බලාපොරොත්තුව ඇත්තේය.
මම ක්ෂයවී ඉඳිමි; මම සෑමකල්ම ජීවත් නොවන්නෙමි. මාගේ දවස් හුස්මක්ව තිබෙන නිසා මාගෙන් ඔබගේ අත අහකට ගත මැනව.
කෙල ගිලිනතුරුවත් ඔබ මා කෙරෙන් ඉවත නොබලා සිටින්නෙත්, මට නිකම් ඉන්ට නෑර සිටින්නෙත් කොපමණ කල්ද?
මා, මෙයින් ගොස්, නැතිවී යන්ට ප්‍රථම, මට ශක්තිය ලැබෙන පිණිස කල් දුන මැනව.
නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කථාකොට: කුලීකාරයෙකුගේ අවුරුදු ලෙස තුන් අවුරුද්දකින් මෝවබ්ගේ ඉසුරුමත්කම ඔහුගේ මහත් සමූහයා ඇතුළුව නීචකමට පැමිණෙනවා ඇත; ඉතිරිවෙන්නේ ඉතා ස්වල්පවූ දුර්වලවූ කොටසක්යයි කීසේක.