Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෝබ් 13:5

Sinhala Revised Old Version

නුඹලා නිශ්ශබ්දවම සිටියොත් හොඳය. එය නුඹලාට ප්‍රඥාව වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

14 හුවමාරු යොමු  

මනුෂ්‍යයන් නුඹේ ප්‍රලාපවලට නිශ්ශබ්දව සිටින්ටද? නුඹ කවටකම්කරන කල කිසිවෙක් නුඹ ලජ්ජාවට නොපමුණුවන්නේද?

නිශ්ශබ්දවෙන්න, මට කථාකරන්ට ඉඩඅරින්න. සිද්ධවෙන දෙයක් සිද්ධවුණාවේ.

ඉතින් මාගේ උත්තරය අසා, මාගේ තොල්වල විවාදවලට ඇහුම්කන් දෙන්න.

සුළඟ වැනි වචනවල කෙළවරක් ඇද්ද? නොහොත් උත්තරදීමට නුඹ පොළඹවන්නේ කුමක්ද?

‍නුඹලා කොපමණ කල් වචනවලට උගුල් තබන්නහුද? තේරුම්ගන්න, පසුව කථාකරමුව.

නුඹලා කොපමණ කල් මාගේ ආත්මය වෙහෙසමින්, වචනවලින් මා පොඩිකරන්නහුද?

මා දෙස බලා විස්මපත්වී, අතින් කට වසාගන්න.

තමාම ධර්මිෂ්ඨයයි යෝබ් සිතූ බැවින් මේ මනුෂ්‍යයන් තුන්දෙනනා ඔහුට උත්තරදීම නැවැත්තුවෝය.

එසේ ඔවුන් කථානොකර, තවත් උත්තරනොදී, නිකම් සිටින නිසා මම බලා සිටිම්ද?

මෝඩයෙක් පවා නිශ්ශබ්දව සිටින විට ප්‍රඥාවන්තයෙකු මෙන්ද, ඔහු තමාගේ තොල් පියාගන සිටිනවිට තේරුම් ඇත්තෙකු මෙන්ද සලකනු ලැබේ.

මක්නිසාද ස්වප්නය කාරණා රාශියක්ද අඥානයාගේ හඬ වචන රාශියක්ද ඇතුව පැමිණෙන්නේය.

එබැවින් ඒ කාලය නපුරු නිසා නුවණ ඇත්තා ඒ කාලයෙහි නිශ්ශබ්දව සිටින්නේය.

මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්