ඔබගේ අත මා කෙරෙන් අහක්කර ගත මැනව; ඔබගේ භයංකරකම මා බිය නොකෙරේවා.
මාගේ දවස් ස්වල්ප නොවේද? එබැවින් නැවතුණ මැනව; හැරී නේන ස්ථානයට,
උන්වහන්සේගේ මහිමතාව නුඹලා භය නොගන්වන්නේද? උන්වහන්සේගේ භයංකරකම නුඹලා පිටට නොපැමිණෙන්නේද?
කාරණා දෙකක් පමණක් මට නොකළමැනව, එවිට ඔබ ඉදිරියෙන් නොසැඟවී සිටින්නෙමි.
මාගේ භීතිය නුඹ ත්‍රස්ත නොකරන්නේය; මාගේ බලගතුකම නුඹට බරක් නොවන්නේය.
උන්වහන්සේ තමන් ඉපල මා කෙරෙන් පහකරගන්නසේක්වා, උන්වහන්සේගේ භීතිය මා ත්‍රස්ත නොකෙරේවා.
ඔබට භයින් මාගේ මාංසය තැති ගනියි; ඔබගේ විනිශ්චයන්ට භයවෙමි.
ඔබගේ පහර මා කෙරෙන් ඉවත්කළ මැනව. ඔබගේ අත් පහරෙන් මම ක්ෂයවීමි.
නුමුත් මම මාගේ අත නවත්වාගෙන, ජාතීන් ඉදිරියෙහි මා විසින් ඔවුන් පිටතට ගෙනා බැවින් ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස, එය උදෙසා ක්‍රියාකෙළෙමි.