යෝබ් 10:7Sinhala Revised Old Versionඔබ මාගේ අපරාධය විමසනසේක, මාගේ පාපයක් සොයා බලනසේක. පරිච්ඡේදය බලන්න |
ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාරකළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි කීවේය.
උන්වහන්සේ තුන්වෙනි වර ඔහුට කථාකොට: යොහන්ගේ පුත්‍රවූ සීමොන්, නුඹ මට ආදරේදැයි ඔහුගෙන් ඇසූසේක. තුන්වෙනි වර: මට ආදරේදැයි යේසුස්වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේතෘස් දුකට පැමිණ–ස්වාමිනි, ඔබ සියල්ල දන්නාසේක; මා ඔබට ආදරේ ඇති බව ඔබ දන්නාසේකැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මාගේ බැටළුවන් පෝෂණයකරන්න.