එවිට ස්වාමීන්වහන්සේ: නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනාකෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැතැයි කීසේක.
මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාව ලෙස තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද තමාගේ මුළු ශක්තියෙන්ද ස්වාමීන්වහන්සේ වෙතට හැරුණාවූ ඔහු හා සමාන රජෙක් ඔහුට පළමුවෙන්වත් ඔහුට පසුවවත් නොසිටියේය.
නුමුත් මට ඉස්සරින් සිටි පළමු දිශාධිපතීහු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී ෂෙකෙල් හතළිහකුත් ගත්තෝය; එසේය, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟ කෙරෙහි ආණ්ඩුකළෝය. එහෙත් මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි නිසා එසේ නොකෙළෙමි.
යෝබ් නම්වූ මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි සිටියේය; ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටියාවූ කෙනෙකි.
මම දෙවියන්වහන්සේට යාච්ඤාකොට උන්වහන්සේගෙන් උත්තර ලැබූ මනුෂ්‍යයෙක් නුමුත් තමාගේ අසල්වාසියාට විහිලුවක් වූ කෙනෙක් මෙනි. ධර්මිෂ්ඨවූ අවංක මනුෂ්‍යයා විහිලුවක්ය.
නැවතත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ ඉදිරිපිට පෙනීසිටින්ට ආ කල්හි සාතන්ද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ඔවුන් අතරෙහි ආයේය.
එවිට ස්වාමීන්වහන්සේ: නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනා කෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ කෙනෙක් පොළොවෙහි නැත. කරුණක් නැතුව ඔහු නාස්තිකරන්ට නුඹ ඔහුට විරුද්ධව මා පෙළඹෙවු නුමුත්, ඔහු තමාගේ අවංකකම තවම පවත්වාගන සිටීයයි සාතන්ට කීසේක.
උන්වහන්සේ තමන් සිත මනුෂ්‍යයා දෙසට යොමුකොට, ඔහුගේ ආත්මයද හුස්මද තමන් වෙතට එකතුකරගත්තොත්,
දෙවියන්වහන්සේ සම්පූර්ණ මනුෂ්‍යයෙක් පහකර දමන්නේවත් නපුර කරන්නන්ට ආධාර වෙන්නේවත් නැත.
මම උන්වහන්සේ වෙත නිර්දෝෂව සිටියෙමි, මාගේ අයුතුකමෙන් වැලකී සිටියෙමි.
නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.
දුෂ්ටයාගේ ඇස් හමුයේ දෙවියන්වහන්සේට භයක් නැති බව ඔහුගේ අපරාධය මාගේ සිතට හඟවා දෙයි.
නපුරෙන් ඉවත්ව යහපත්කම් කරමින් සදාකල් පවතුව.
මක්නිසාද දෙවිවූ ස්වාමීන්වහන්සේ සූර්යයෙක්ය, පලිහක්ය. ස්වාමීන්වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක.
මාගේ මෙහෙකරුවූ දාවිත් සොයාගෙන, මාගේ ශුද්ධ තෛලයෙන් ඔහු ආලේප කෙළෙමි.
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂකරමි.
නුඹලා සෝදාගෙන පවිත්‍රවෙන්න; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකෙන්න.
මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහුය; මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා මොහුය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි; ඔහු ජාතීන්ට විනිශ්චය ගෙන එන්නේය.
ඒ මනුෂ්‍යයා මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹේ ඇස්වලින් බලා, නුඹේ කන්වලින් අසා, මා නුඹට පෙන්වන සියල්ලට නුඹේ සිත යොමුකරන්න; මක්නිසාද නුඹ මෙහි පැමිණෙවුවේ ඒවා නුඹට පෙන්වන පිණිසය. නුඹ දකින සියල්ල ඉශ්‍රායෙල් වංශයට දන්වන්න කීවේය.
මෝසෙස් නම් මනුෂ්‍ය තෙමේ පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූයේය.
යේසුස්වහන්සේ නතානියෙල් තමන් වෙතට එනවා දැක: මෙන්න, සැබවින්ම ඉශ්‍රායෙලිතයෙක්! මොහු තුළ කිසි වංචාවක් නැතැයි ඔහු ගැන කීසේක.
මාගේ මෙහෙකරුවූ මෝසෙස් මළේය; එබැවින් දැන් නුඹත් මේ මුළු සෙනඟත් නැගිට මා විසින් ඔවුන්ට එනම් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන දේශයට මේ යොර්දානෙන් එතරව යන්න.
මාගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යවත්ව සිටින්න. නුඹ යන සෑමතැනදීම නුඹට ශුභ සිද්ධවන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න.