නුමුත් ස්වාමීන්වහන්සේ: කෝපවෙන්ට නුඹට යුතුදැයි කීසේක.
ස්වාමීන්වහන්සේ කායින්ට කථාකොට: නුඹ කෝපව සිටින්නේ මන්ද? නුඹේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක්නිසාද?
එසේ යෙස්‍රෙයෙලිය නාබොත්: මාගේ පියවරුන්ගේ උරුමය ඔබට නොදෙමියි කී වචනය නිසා ආහබ් ශෝකව අසන්තෝෂව තමාගේ ගෙට ගොස්; ඇඳේ වැතිර, මුහුණ අහකට හරවාගෙන, කෑම නොකා සිටියේය.
එබැවින් දඬුවමට විරුද්ධව කෝපයෙන් නොපෙළඹෙන්න; මිදීමේ මිලයේ මහත්කම නිසා මුළා නොවෙන්න.
නුමුත් යෝනා ඊට අතිශයින් අප්‍රසන්නව, කෝපවිය.
ඉතින්, ස්වාමීන්වහන්ස, මාගේ ප්‍රාණය මාගෙන් තුරන්කරගත මැනව; ජීවත්වීමට වඩා නැසීයාම මට හොඳයයි කීවේය.
යෝනා නුවරින් පිටතට ගොස්, නුවරට නැගෙනහිරෙන් ඉඳගත්තේය, ඔහු එහි පැලක් සාදාගෙන නුවරට මක්වේද කියා බලන පිණිස ඒක යට සෙවණෙහි හිඳගත්තේ.
ලබුවැල ගැන කෝපවෙන්ට නුඹට යුතුදැයි දෙවියන්වහන්සේ යෝනාට කීසේක. මැරෙන තරම් කෝපවෙන්ට මට යුතුයයි ඔහු කීවේය.
මාගේ සෙනඟෙනි, මම නුඹලාට කුමක් කෙළෙම්ද? කුමකින් නුඹ වෙහෙසුවෙම්ද? මට විරුද්ධව සාක්ෂි දෙන්න.
ආරොන් තමාගේ සෙනඟට එකතුවන්නේය. මක්නිසාද නුඹලා මෙරිබාහි වතුර ළඟදී මාගේ වචනයට විරුද්ධව කැරළිකාරව සිටිය බැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දුන් දේශයට ඔහු ඇතුල්නොවන්නේය.
මා සන්තක දෙයින් මාගේ කැමැත්ත කිරීම යුතු නැද්ද? මා යහපත් නිසා නුඹේ ඇස නපුරුදැයි කීවේය.