යෝනා නුවරට ඇතුල්වෙන්ට පටන්ගෙන දවසක ගමන් යමින්: තව සතළිස් දවසකින් නිනිවය හෙළාදමනු ලැබේයයි කියා ප්‍රකාශකෙළේය.
ඒ කාලයේදී හෙසකියා රෝගීව මරණාසන්න විය. ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘ ඔහු ළඟට ඇවිත්: නුඹේ ගෙදර කාරණා බේරා තබන්න; මක්නිසාද නුඹ මැරෙන්නෙහිය, ජීවත් නොවන්නෙහිය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය.
නුඹේ වයසට පහළොස් අවුරුද්දක් එකතුකරන්නෙමි; මම අෂූර්හි රජුගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා, මා නිසාත් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මේ නුවර රැකගන්නෙමියි කියා කියන්නැයි කීවේය.
එබැවින් ස්වාමීන්වහන්සේ නුඹලාට කරුණාකරන්ට බලා සිටිනසේක. නුඹලාට අනුකම්පාකරන්ට නැගිටිනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ විනිශ්චයේ දෙවිකෙනෙක්ය; උන්වහන්සේ ගැන බලාසිටින සියල්ලෝම වාසනාවන්තයෝය.
නුඹලා මේ දේශයේම සිටින්නහු නම් මම නුඹලා කඩා නොදමා ගොඩනගන්නෙමි, නුඹලා උදුරා නොදමා හිටවන්නෙමි. මක්නිසාද මා විසින් නුඹලාට පැමිණෙනවු විපත්තිය ගැන තැවෙමි.
එවිට ඔවුන්ගේ ක්‍රියා–එනම් තමුන්ගේ නපුරු මාර්ගයෙන් ඔවුන් හැරුණු බව–දෙවියන්වහන්සේ දැක, ඔවුන්ට කරමියි කීවාවූ විපත්තිය ගැන තැවී, ඒක නොකළසේක.
නිනිවයේ මනුෂ්‍යයෝ මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයේදී නැගිට එය වරදට පත්කරන්නෝය. මක්නිසාද යෝනාගේ දේශනාකිරීමෙන් ඔව්හු පසුතැවිලිවූවෝය; බලව, යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.
මක්නිසාද යෝනා නිනිවයේ වැසියන්ට යම්සේ ලකුණක් වීද, එසේම මනුෂ්‍ය පුත්‍රයා මේ පරම්පරාවට ලකුණක් වන්නේය.
නිනිවයේ මනුෂ්‍යයෝ මේ පරම්පරාව සමඟ විනිශ්චයේදී නැගිට ඔවුන් වරදට පත්කරන්නෝය. මක්නිසාද යෝනාගේ දේශනාවෙන් ඔව්හු පසුතැවිලි වූවෝය. බලව, යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.
අනාගතවක්තෘ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් කථාකරන දේ ඉෂ්ට නොවන්නේ නම්, නොපැමිණෙන්නේ නම්, ඒ වනාහි ස්වාමීන්වහන්සේ නොකී කාරණයය. ඒ අනාගතවක්තෘතෙම ඒක හිතුවක්කාරකමින් කීවේය, ඔහුට භයනොවන්නැයි මට කීසේක.