එවිට ඔව්හු යෝනා අරන් මුහුදේ දැමූහ. මුහුදේ වේගයද නැවතුණේය.
සාවුල්ගේද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ගේද ඇට බෙන්යමින් රටේ ශේලාහි තිබෙන ඔහුගේ පියවූ කීෂ්ගේ සොහොන්ගෙයි තැන්පත්කොට රජු විසින් අණකළ සියල්ල කළෝය. ඉන්පසු දේශය ගැන කළ කන්නලව්ව දෙවියන්වහන්සේ පිළිගත්සේක.
උන්වහන්සේ මුහුදේ රැළ නිශ්චල වන ලෙස කුණාටුව සන්සිඳවනසේක.
උන්වහන්සේ මුහුදු ඝෝෂාවද එහි රැළ ඝෝෂාවද මනුෂ්‍ය වර්ගයන්ගේ කෝලාහලයද සංසිඳුවනසේක.
ඔබ මුහුදේ උඩඟුකම දමනයකරනසේක. එහි රැළ නගින කල ඒවා නිශ්චල කරනසේක.
අප විනාශ නොවන ලෙස සමහරවිට දෙවියන්වහන්සේ හැරී, තැවී, තමන්ගේ බලවත් උදහසෙන් නොහැරෙනසේක්ද කියා දන්නේ කවුදැයි නිනිවයෙහි ප්‍රකාශකරන ලද්දේය.
උන්වහන්සේද: මඳ ඇදහිල්ල ඇත්තෙනි, කුමක් නිසා භයපත්වන්නේදැයි ඔවුන්ට කියා, නැගිට හුළඟටත් මුහුදටත් සැරකළසේක; එවිට මහත් නිශ්චලයක් විය.
ඔව්හු උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේ පුබුදුවා: ආචාරිනි, ආචාරිනි, අපි විනාශවෙනවායයි කීවෝය. උන්වහන්සේ පිබිද, හුළඟටත් චණ්ඩ රැළගැසීමටත් සැරකළසේක. එකල ඒවා නැවතී නිශ්චලයක් විය.