මා අරන් මුහුදේ දමන්න; එවිට මුහුද නුඹලාට නිශ්චලවන්නේය. කුමක්හෙයින්ද මේ මහත් කුණාටුව නුඹලා පිටට පැමිණ තිබෙන්නේ මා නිසා බව දනිමියි ඔහු ඔවුන්ට කීවේය.
දාවිත්ද සෙනඟට පහර දෙන දූතයා දැක ස්වාමීන්වහන්සේට කථාකොට: මම පව්කෙළෙමි, මම අපරාධකෙළෙමි. නුමුත් මේ බැටළුවෝ කුමක් කළෝද? අනේ ඔබගේ අත මා පිටටත් මාගේ පිය වංශය පිටටත් පැමිණේවයි කීවේය.
දාවිත් දෙවියන්වහන්සේට කථාකොට: සෙනඟ ගණන්කරන්ට අණකළ තැනැත්තා මම නොවෙම්ද? පව්කොට ඉතා දුෂ්ට ලෙස ක්‍රියාකළේ මමය; නුමුත් මේ බැටළුවෝ මක්කළෝද? අනේ මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, පහරදීම පිණිස ඔබගේ අත ඔබගේ සෙනඟ පිටට නොව මා පිටටත් මාගේ පිය වංශය පිටටත් පැමිණේවයි කීවේය.
නුඹේ දුෂ්ටකමෙන් නුඹ වැනි මනුෂ්‍යයෙකුට නපුරක් පැමිණෙන්ට පුළුවන; එසේම නුඹේ ධර්මිෂ්ඨකමෙන් මනුෂ්‍ය පුත්‍රයෙකුට ප්‍රයෝජනයක් වෙන්ටත් පුළුවන.
යුද්ධායුධවලට වඩා ප්‍රඥාව වටනේය. නුමුත් එක පව්කාරයෙක් හොඳ බොහෝ කාරණා නැතිකරයි.
එකල ඔව්හු: මුහුද අපට නිශ්චලවෙන පිණිස අප විසින් නුඹට කරන්ට ඕනෑ මොකදැයි ඔහුගෙන් ඇසුවෝය; මක්නිසාද මුහුද වඩ වඩා වේගවත් විය.
එහෙත් ඒ මනුෂ්‍යයෝ ගොඩට හැරීඑන පිණිස තදින් පැද්දෝය; නුමුත් මුහුද ඔවුන්ට විරුද්ධව වඩ වඩා සැරවූ බැවින් ඔවුන්ට බැරිවිය.
මුළු ජාතිය විනාශ නොවන පිණිස සෙනඟ උදෙසා එක මනුෂ්‍යයෙකුගේ මරණය නුඹලාට ප්‍රයෝජන ඇති බව නුඹලා කල්පනාකරන්නේ නැතැයි කීවේය.
පාවුල් භය නොවන්න; නුඹ කායිසර් ඉදිරියෙහි සිටින්ට ඕනෑය. බලව, නුඹ සමඟ නැවෙන් යන්නාවූ සියල්ලන්ද දෙවියන්වහන්සේ නුඹට දුන්සේකැයි කීවේය.
එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට තමුන්ගේ සතුරන් ඉදිරියෙහි සිටින්ට බැරිය, ඔව්හු ශාපයට අසුවුණ බැවින් තමුන්ගේ සතුරන්ට පිටපාති. ඒ කැපවූ දේ නුඹලා අතරෙන් නාස්තිකර නොදැමුවොත් මම තවත් නුඹලා සමඟ නොසිටින්නෙමි.