ස්වාමීන්වහන්සේගේ වචනය අමිත්තයිගේ පුත්‍රවූ යෝනා වෙතට පැමිණ:
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ, ගාත්හෙපෙර්හි අනාගතවක්තෘවූ අමිත්තයිගේ පුත්‍රවූ යෝනා ලවා කියෙවු වචනය ලෙස හමාත්ට ඇතුල්වන තැන් පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්‍රායෙල්වරුන්ගේ සීමාව ඔහු නැවත ලබාගත්තේය.
සිංහයා ගර්ජනාකෙළේය, භය නොවන්නේ කවුද? ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකළසේක, ප්‍රොපේතවාක්‍ය නොකියන්නේ කවුද?
ස්වාමීන්වහන්සේගේ වචනය යෝනා වෙතට දෙවෙනි වර පැමිණ:
නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක් ලකුණක් සොයයි; නුමුත් අනාගතවක්තෘවූ යෝනාගේ ලකුණ හැර ඔවුන්ට වෙන ලකුණක් දෙනු නොලැබෙන්නේයයි කීසේක. උන්වහන්සේ ඔවුන් අත්හැර පිටත්ව ගියසේක.
නිනිවයේ මනුෂ්‍යයෝ මේ පරම්පරාව සමඟ විනිශ්චයේදී නැගිට ඔවුන් වරදට පත්කරන්නෝය. මක්නිසාද යෝනාගේ දේශනාවෙන් ඔව්හු පසුතැවිලි වූවෝය. බලව, යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.