මේ කාරණා නිසා මා විසින් ඔවුන්ට දඬුවම්කරන්ට ඕනෑ නොවේද? මෙවැනි ජාතියකින් මාගේ ආත්මය පළිනොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ කියනසේක්: අහෝ, මාගේ එදිරිකාරයන්ගෙන් මම නිදහස්වී, මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි.
පළිගැනීමේ දවසේදීත් දුරින් එන විනාශයේදීත් නුඹලා කුමක් කරන්නහුද? උපකාර ලැබීම පිණිස නුඹලා කා ළඟට පලායන්නහුද? නුඹලාගේ තේජස කොතැන තබා යන්නහුද?
නුඹේ කොටස තිබෙන්නේ මිටියාවතේ සිනිඳු ගල් අතරෙහිය; ඒවාම නුඹේ කොටසය. ඒවාට නුඹ පාන පූජාවක් වගුරුවා ආහාර පූජාවක්ද ඔප්පුකෙළෙහිය. මේ දේවල් තිබියදී මා නිශ්චලව සිටින්නේ කොහොමද?
ඔව්හු එය පාළුවක් කළෝය; එය පාළුවක් වී, මා ඉදිරියෙහි වැලපෙන්නේය; කවුරුවත් සිතට නොගන්න නිසා මුළු දේශය පාළුකරනලද්දේය.
දේශය වැලපෙන්නෙත් මුළු රටේ තෘණ මැලවෙන්නෙත් කොපමණ කල්ද? එහි වැසියන්ගේ දුෂ්ටකම නිසා මෘගයෝද පක්ෂීහුද නැතුව ගියෝය; මක්නිසාද: ඔහු අපේ අන්තිමය නොදකින්නේයයි ඔව්හු කීවෝය.
මම බැලූ විට මනුෂ්‍යයෙක් නැති බවත් ආකාශයේ සියලු පක්ෂීන් පලාගිය බවත් දුටිමි.
මේ කාරණා නිසා මම දඬුවම් නොකරන්නෙම්ද? මෙවැනි ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මේ කාරණා නිසා මම දඬුවම් නොකර සිටින්නෙම්ද? මෙබඳු ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
එබැවින් දේශය වැලපෙනවා ඇත, එහි වසන සියල්ලෝ වනයේ මෘගයන් හා ආකාශයේ පක්ෂීන්ද ඇතුළුව මලානිකවන්නෝය; මුහුදු මත්ස්‍යයෝ පවා පහකරනු ලබන්නෝය.
ස්වාමීන්වහන්ස, ඔබට යාච්ඤාකරමි. මක්නිසාද කාන්තාරයේ ගොදුරු-බිම් ගින්නෙන් නාස්තිවී ගියේය, කෙතේ සියලු ගස්ද ගිනිදැල්ලට දාගියේය.
එම්බා ඉශ්‍රායෙල් වංශය, මා විසින් නුඹලා ගැන පවත්වන විලාපයවන මේ වචනය අසන්න.
ඉශ්‍රායෙල් කන්‍යාව වැටුණාය; ඈ තවත් නොනැගිටින්නීය. ඈ නැගුටුවන්ට කිසිවෙක් නැතුව ඇගේ භූමිය පිට ඈ වැටී ඉන්නවාය.