ශෝභනවූ සිව්මැළිවූ තැනැත්තී වන සියොන් දුව සිඳදමන්නෙමි.
සියොන් දුව මිදිවත්තක මඩුවක් මෙන්ද කැකිරි වත්තක පැලක් මෙන්ද වටලනලද නුවරක් මෙන්ද අත්හරිනු ලැබුවාය.
මක්නිසාද විළිරුජා ඇති ස්ත්‍රියෙකුගේ හඬ මෙන්ද කුලුඳුලා බිහිකරන ස්ත්‍රියෙකුගේ ගාවිනාව මෙන්ද සියොන් දුවගේ හඬ මට ඇසුණේය, ඈ හතිදමා, කෙඳිරිගාමින්, ඇගේ අත් විදහාගන: අහෝ මට දුකය! මක්නිසාද ඇගේ ප්‍රාණය මිනීමරුවන් නිසා ක්ලාන්තවී තිබේයයි කියන්නීය.
ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසින් සියොන් දුව වලාකුළකින් වැසූ හැටි! උන්වහන්සේ ඉශ්‍රායෙල්ගේ අලංකාරය ස්වර්ගයෙන් පොළොවට හෙළූසේක, තමන් උදහසේ දවසේදී තමන් පා පුටුව සිහි නොකළසේක.
යෙරුසලමේ දියණියෙනි, මම නුඹට මොන දැනමුතුකමක් දෙම්ද? නුඹට කුමක් සමානකරම්ද? සියොන් කන්‍යා දියණියෙනි, මා විසින් නුඹ සනසන පිණිස නුඹට කුමක් සමකරම්ද? මක්නිසාද නුඹේ බිඳුම මුහුද මෙන් මහත්ය. නුඹට සුවකරන්ට කාට පුළුවන්ද?
රස කෑම කෑ අය අසරණව වීථිවල හිඳිති. රතු ඇතිරිලි පිට හිඳ ඇතිවුණ අය කසළ ගොඩවල් වැලඳගෙන හිඳිති.
මෘදුකම සහ සිව්මැළිකම නිසා පතුල බිම තබන්ට අකැමැතිවූ නුඹලා අතරේ සිටින මෘදුවූ සිව්මැළිවූ ස්ත්‍රියගේ බැල්ම ඇගේ කකුල් අතරෙන් පිටත එන්නාවූ ඇගේ වැදෑමහ පිළිබඳයෙන්ද,