සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ ගෘහයට සෑදූ කුළුනු දෙකත් එක මුහුදත් මැසි යට තිබුණු පිත්තල ගව රූප දොළොසත් යන සියලු භාණ්ඩයන්හි පිත්තලවල බර ගණනක් නැතුව තිබුණේය.
එය ගව රූප දොළොසක් පිට තබා තිබුණේය, තුනක් උතුරු දෙසටද තුනක් බස්නාහිර දෙසටද තුනක් දකුණු දෙසටද තුනක් නැගෙනහිර දෙසටද හැරී තිබුණේය. ජලාධාරය ඒවාට උඩින් ඒවා පිට තබා තිබුණේය, ඒවායේ පස්සා කොට්ඨාස සියල්ලම ඇතුළට තිබුණේය.
ඒ සියලු බඩු ඉතා මහත් ගණනක්ව තිබුණ බැවින් සාලමොන් ඒවා නොකිරා හැරියේය. පිත්තලවල බරද දැනගත්තේ නැත.
සාලමොන් විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට සෑදූ කුළුනු දෙකත් මුහුදත් මැහිත් යන සියලු බඩුවල පිත්තල බර ගණනක් නැතුව තිබුණේය.
මෙන්න, මාගේ විපතේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයට රන් තලෙන්ත ලක්ෂයකුත් රිදී තලෙන්ත දශ ලක්ෂයකුත් ගණන් නැති තරම් පිත්තලත් යකඩත් සූදානම්කෙළෙමි; ඒවා අතිශයින් බොහෝය. ඒ ඇර ලීද ගල්ද සූදානම්කෙළෙමි; ඒවාට තව එකතුකරන්ට නුඹට පුළුවන.
මෙසේ සාලමොන් මේ සියලු භාණ්ඩ මහත් රාශියක් සෑදුවේය. පිත්තලවල බරද දැනගත නොහැකි විය.
තවද ස්වාමීන්වහන්සේගේ ගෘහයට අයිති පිත්තල කුළුනුද ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබුණු මැසිද පිත්තල මුහුදද කල්දිවරු කඩාගෙන, ඒවායේ පිත්තල සියල්ලම බබිලෝනියට ගෙනගියෝය.